30 වන පරිච්ඡේදය

1.5K 358 400
                                    





ඒ වචන ටිකෙන් ඒ දවස ඉවරයි කියලා හිතුවා නම්.. නෑ ඉවර නෑ.. ඉස්සර මං එහෙම ඉවර කරා.. ඒ හේතු ඇතුව.. මොකද මට ඒ වචන අහන්න, භාරගන්න තියා පිලිගන්න දරා ගන්නවත් හයියක් තිබ්බේ නෑ..

ඒත් මං දැන් මේ වචන වල බරට පත්තියම් වෙලා.. අජන කියන වැස්සේ තෙමෙනවා..

තෙමුනම මං පෙගෙනවා.. හැබෙයි මම පෙගේන්න කැමති මනුස්සයෙක් නෙවෙයි.. ඒක නිසා පෙගුන නිසාම මං දැන් මේ වැස්සට මාව තෙමපු එකේ වගකීම ඒ කෙනාටම ගන්න කියනවා.

ඉතින් ඇමතියා මගේ පපුව උඩට තද කරන් ඉන්න ඇගිල්ල මං අතකින් තද කරලා අල්ලගත්තා.. අල්ලන් ඒ මූන දිහා මහ කල්පනාවක ගිලෙන ගමන් බලන් හිටියා..

මොනාද මනුස්සයෝ මට මේ කරේ? මට මොකක්ද මේ කරේ..??

"ඔයා මේ වචන සවිත්‍රටත් කිව්වද?"

හැමදේම පැත්තකින් තියලා බැලුවම මට මහ ප්‍රශ්නයක්.. පුදුම ප්‍රශ්නයක්. ඒක තමයි මගේ ලොකුම ප්‍රශ්නේ.. හැබෙයි! මට ඊරිසියයි කියලා හිතයිද?

එතකොට දැන් මං මේ මනුස්සයා වටේ හිටියයි කියන අයට ඉරිසියත් කරනවද?

ඒත්.. මගේ ප්‍රශ්නෙට ඇමතියා මං දිහා බලන් මූනට ගත්තේ මාර නිදහස් හිනාවක්.. හිනාවට පස්සේ නෑ කියන්න ඔලුව වැනුමක්. එයා නෑ කිව්වනේ පවිත්‍ර.

"මං මේ වචන මුලින්ම කියන්නෙත් පවිත්‍රට.. අන්තිමට කියන්නෙත් පවිත්‍රට.."

මං මේක ප්‍රසිද්ධියේ කියන්න කෑමති නෑ ඒත්, මගේ අම්මෝ මට දැනුන සැනසීමක්!!

"හා"

හරි දැන් ඉවරයි! ඒ ජවනිකාව ඉවරයි මං ඒක නිකමට වගේ ඇහුවේ හුහ්! ඕනම මනුස්සයෙක්ට ඉතින් එහෙම දේවල් දැන ගන්න අයිතියක් තියෙනවනේ! රංජිත්ට වුනත් පුලුවන් ඇමතියා ගෙන් එහෙම මොකක් හරි අහලා දේවල් දැනගන්න! අනික මේක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි ජනරජයක්නේ!

හැබෙයි ඇමතියා තාම මං දිහා බලන් ඉන්නවා. ඔක්කොටම හපන් ඒ හිනාව! මොනා හිතනවද දන්නේ නෑ!

"මොනාද හිතන්නේ?"

පැනලා යන්න හැදුවට මොකෝ දැන් තමයි මටත් මීටර් වුනේ මං තාම ඇමතියගේ ඇගිල්ල අල්ලන් ඉන්නවා කියලා.

අමාවක හස (Ongoing) Where stories live. Discover now