18 වන පරිච්ඡේදය

1.1K 294 265
                                    





"ආහ් ඇහුන්නෑ? මොකක්ද ඇමතිතුමා කිව්වේ?"

"මද කිපුනාම එන අමාරුව මොනවගේද කියන්න පවිත්‍ර දන්නවද?"

ඇහූව එකට උත්තර නෙවෙයි ඒ වෙනුවට තව ප්‍රශ්න දානවා! මේ ඇමතිගොල්ලෝ නම් ඔක්කොම එකයි!

"ඇමතිතුමත් මාර ප්‍රශ්නනේ අහන්නේ! මම ඉතින් කොහොමද ඒක දන්නේ? මට මද කිපෙනවයෑ"

කිපුනා ඉතින් මං කියන්නේ නෑ!

"ම්.. "

මං මල පැනලා වගේ කිව්වත් ඇමතියා හුමිටි තියාගෙන මගේ කොන්ඩේ ඇවිස්සුවා.. මේක පුරුද්දට තියාගන්න එපා ඇමතියෝ හොදේ!!

"දැන් එහෙනම් ඇමතිතුමා.. මට කියන්න ඇයි මාව අද මෙහෙ එක්කන් ආවේ? මොකක්ද හේතුව? "

මාත් හිටගත්තා ඇමතියා වගේම අත් දෙකත් පිටිපස්සට බැදන්! එතනට අඩි දහයක් එහායින් මනම්බරත් ඉන්නවා වැනි වැනි.. සිරි මාමත් හෙන්ඩුව කොස් ගහකට හේත්තු කරලා බුලත් විටක් කනවා.

"පවිත්‍රට පේනවද මනම්බරගේ පිටිපස්සේ වම් කකුල?"

ඉතින් ඇමතියා මගේ දිහාම බලාගෙන ඒ අහනකොට මං සනික බැලුවා කොල්ලගේ පිටි පස්සේ වම් කකුල දිහා. ඇයි මොකක් වෙලාද මනම්බරට?

"ඉතින්.."

මං ඇහුවේ ඇතාගේ කකුල දිහා බලන්.

"ඒ කකුලේ පිටිපස්සේ තුවාලයක් ඇවිත් තියෙනවා.. අපි බැලුවට හරි ගියේ නෑ.. සමහරවිට කාලෙකට පස්සේ විලංගු දැම්ම නිසා වෙන්න ඇති.. පවිත්‍රට පුලුවන්ද ඒක බලන්න?"

"මේ මද කිපිලා ඉද්දි?"

සේරටම කලින් මට මතක් වුනේ අන්තිම පාර කැලේ තුවාල වුනු ඇතෙක්ට බෙහේත් කරන්න ගිහින් ඌ මාව කිලෝ මීටරයක් විතර පන්නන් ආපු හැටි! නෑ ඉතින් බය නෑ කිව්වට අලි පන්නද්දි බයයි යකෝ! මන්තර දන්නවා වගේ නෙවෙයි උන් දුවන්න ගත්තාම දුවනවා ආයේ වෙඩිල්ල වගේ! එතකොට හිතා ගන්න මං අන්තිමට බේරුනේ හරක් රෑනක් අස්සෙන් දුවලා!

"ඔව්.. ඒකනේ මං පවිත්‍රටම කතා කරේ.."

ඔව් ඉතින් ඇමතියා කියයි.. හා හා ඒත් කමක් නෑ මොකක් වුනත් අමාරුවක් ඇතිනේ ඌට.. අනික මද කිපෙන්නත් ලගයි.. ඔය කෝසෙත් බාගෙට එලියේ දාගෙන ඉන්නේ.

අමාවක හස (Ongoing) Where stories live. Discover now