28 වන පරිච්ඡේදය

1.8K 379 430
                                    





ආහ්..

අනේ ඇයි අප්පා මාව මෙහෙම සිතල වෙන්නේ?? මට උණ ගැනෙන්නවත්ද?

"ම්.මං..මේ.."

"අද කොහෙද ගියේ කියන්න දැන් මට"

හරි කියන්නම්!! ඒත් ඇයි මං මේ කවදාවත් නැතුව කෙලින් උත්තරයක් දෙන්න බැරුව ගාටන්නේ?? මොකක්ද මෙතන තියෙන වැරැද්ද!? හා?? නෑ නෑ පවිත්‍ර මෙතන වැරැද්දක් නෑ!! මෙතන කිසි වැරැද්දක් නෑ ඔයා වැරැද්දක් කරලත් නෑ!!

නෑ මං නෑ..

ඔව්..

මගේ හිතට පිස්සු..

"අද මට ගෑණු ළමයෙක් බලන්න ගියා"

ඔව් මට ගෑණු ළමයෙක් බලන්න ගියා.. බලන්න ගියා! එක තමයි මං හරියටම කිව්වේ.! ඉතින් දැන් මොනවා හරි කියන්න! මොනවා හරි කියන්න!! ඇයි බලන් ඉන්නේ??

කිසි සද්දයක් නෑ. කිසිම වචනයක් කියන්නෙත් නෑ.. එකම වචනයක්වත් නෑ..! ඒ වෙනුවට ඇස් පිල්ලමක්වත් ගහන්නේ නැතුව මං දිහා බලන් ඉන්නේ! මුකුත්ම නොකර බලන් ඉන්නේ?? ඇමතියට මොකක් වෙලාද?? ඇයි මේ?? නෑ ඔයා මට බනින්න ඕනේ! හරි නම් මට දැන් බනින්න ඕනේ! කේන්තියෙන් මට කෑගහන්න ඕනේ!! ඇයි මේ සද්ද නැත්තේ?? ආහ්?? මට බනිනවා!!

"ඒ බලන්න ගියෙ මිගාරගේ දුවව"

මටත් අහක බලන්න ඕන කමක් තිබ්බේ නෑ. ඇමතියගේ ඇස් දෙක දිහාම බලන් මාත් එහෙම කිව්වා! මට මොකක් වෙදාල දන්නේ නෑ මං ඒ මනුස්සය-

"තමුන්ට.."

ආහ්..

"මොන හයියකින්ද තමුන් ඒ තරම් දෙයක් කරේ!!?? උබට මගේ අතින් මැරුම් කන්න ඕනෙද කියපං පවිත්‍ර!! "

එක සැරේට පලාතක්ම දෙදරලා ගියා වගේ දෙයක් මගේ මොලේට දැනුනේ.. මන්දා හිතේ කැකැරේන කේන්තියටද කියන්න කියන වචනයක් ගානට මූනේ නලියන මස් එක්ක මගේ අතින් මැරුම් කන්න ඕනෙද අහන් කොහෙත්ම හිතපු නැති විදිහට ඇමතියා මං හිටපු තැනට කොටු කරන්න වගේ ආවත් ජීප් බොනට් එකේ හයිකරලා තියෙන කන්නාඩිය එක අතට ගලවලා පුදුම ආවේගයකින් විසික් කරා.. මොන තරමේ වේගයකින් ඒක විසික් කරාද කියන්න මට ඒ කෑල්ල විසි වෙලා යනවාවත් පෙනුනේ නෑ!!

අමාවක හස (Ongoing) Where stories live. Discover now