Episode 31

72 11 15
                                    

𝙾𝚇𝚈𝙶𝙴𝙽.

පහුවෙනිදා මෙතුලගේ ගෙදර එකම යුද්දයයි. කට්ටියක් තවත් කට්ටියක්ව ඇහැරවගන්න බැරුව ලත වෙද්දි තවත් කට්ටියක් washroom වලට මරාගත්තා. වෙලාව උදේ 6.30 වෙලා තිබ්බත් කට්ටිය තාම ගෙදර. මෙතුල ඇහැරෙන්නේ නැති උන්ට වතුර එකක් ගහලා washroom එකට තල්ලු කලේ මූණකට හෝදගෙන ලෑස්තිවෙන්න කියන්න. කොහොම හරි කට්ටියම හත වෙද්දි ගෙදරින් එලියට බැහැගත්තේ එකටම ඇවිත් බාලිකාව ලගින් දෙපැත්‍තකට යද්දි. යෂ් ට්‍රිනිටි එකට යද්දි අනිත් සෙට් එකම දර්මරාජෙට ගියේ 7. 15 වෙද්දි යාන්තමට ගේට්ටුව ගාවට එද්දි.

" යසයි පාසල් මාතාවගේ ශිශ්‍යනායකයෝ එන වෙලාව. "

සිහේල ලිහේෂ දෙන්නා පංතියට යද්දි යසස් හසෙක් දෙන්නා duty Book එක sign කරලා බෑග් එකත් අරන් duty වැටිලා තිබ්බ නවය වසර පංති වලට ගියේ යද්දිත් කොල්ලෝ බුදු පහන තියා පංතියවත් අතුගාලා නැති වෙද්දි.

" ඕයි මල්ලි උබලාට ඇවිත් බුලත් දෙන්න ඕනද අතුගාන්න කියලා විනාඩි පහක් දෙන්නම් මුලු පංතියම අතු ගානවා. අද අතුගාන්න ඉන්න උන් ඇවිත් නෑ මම අතුගාන්න නෑ ඒ බයිලා අදාල නෑ ඉන්න උන් අතුගානවා. "

යසස් මුලු බිල්ඩින් එකම දෙදරන්න කෑ කැහුවේ පංති සේරගෙම ලමයි දඩිබිඩි ගාලා කොසු අරන් අතු ගාද්දි සෙට් එකක් අතු ගාද්දි තවත් සෙට් එකක් බුදු පහන ලෑස්ති කලේ හොරෙන් යසස් දිහත් බලන ගමන්. යසස්ට ජැක් එකක් ගහගෙන හසෙක් හිනා වුනේ පොඩි උන් බය උන බය විල්ලට. 7.25 වෙද්දි බෙල් කරපු නිසා ගාථා කියන්න ගත්ත නිසාම ගාථාත් කියලා යසස් සිහේල හිමීට කොමස් සෙක්ෂන් එක පැත්තට ඇවිදන් ගියේ ඒ යනකොටත් කොමස් එකට නගින්න තියෙන පඩිපෙල ලග සිහේල ලිහේෂ හිටන් ඉද්දි. සිහේලගේ තුවාලේ තාම වේලිලා නොතිබ්බ නිසාම ඔලුවේ ඔතලා තිබ්බ බැන්ඩේජ් එකේ සීනියට ලේ පැල්ලමක් තිබ්බේ දාපු මැහුම් ඇදිලා තිබ්බ නිසා. ඊයේ අමතක වෙලා නාපු නිසාම ලිහේෂ උදේම තුවාලේ සුද්ද කරලා ආයෙත් බෙහෙත් දැම්මේ පැසවයි කියන බයට. අතත් ගාඩ් එකෙන් එල්ලගෙන ඔලුවත් බැන්ඩේජ් කරන් ඉන්න ඉස්කෝලේ ක්‍රිකට් කැප්ටන් දිහා දන්න කියන සේරම කොල්ලෝ බල බල ගියේ යසස් හසෙල් දෙන්නා කොල්ලෝ දෙන්නා ගාවට ඉක්මනට එද්දි.

𝙾𝚇𝚈𝙶𝙴𝙽 Where stories live. Discover now