♕1.Chapter

1.9K 178 120
                                    

-----------------------------------------------------------

"හෙයෝන් නැගිටිනවකො, මගුල ආව ගමන් වැටිලා නිදියන්නෙ, අපි මේ ආවෙ නිවාඩුවක් ගත කරන්න නෙවේනෙ ,අනේ මන්දා මෙයානම්. ටේ කෝ ඕක ඉක්මනට ගේන්නකො අනේ මෙහෙම ගියොත් අද දවසෙ මුකුත්ම කරගන්න වෙන එකක් නෑ"

ජිමින් මේ ආව ගමන් කෑ ගහන්නෙ එයාගෙ හෙයෝන්ටයි එයාගෙ අතිජාත මිත්‍රයාටයි දෙන්නම හෙනම කම්මැලියෝ .මෙයාල මේ එක පාරටම බූසාන් ඇවිත් ඉන්නෙ ජිමින්ගයි ටේගෙයි රිසර්ච් එකකට. මේ ඩබලව තනියම යවන්න බැරි හින්දා යුන්ගිටත් මෙයාලා එක්ක එන්න වුනා.

"අනේ යකෝ ඕක පරිස්සමෙන් ගේනවකො, තමුසෙ නිකන් ඒකෙ වටිනාකම දන්නෑ වගේනෙ ඒක අල්ලන් ඉන්නෙ"

තව ඩින්ගෙන් ටේගේ අතේ තිබ්බ පොඩි සූට්කේස් එක අත හැරෙනවා. හොද වෙලාවට එයා එක අල්ලගත්තා ඒක කැඩෙනකවා කෙසේ වෙතත් ඊට පස්සෙ වෙන දේ ගැන් හිතන්නවත් ටේට ඕන උනේ නෑ.ඒත් ඉතින් ඒකෙන් උනෙත් එය ජිමින්ගෙන් හොදවැයෙන් අහගත්ත එකම තමයි.

"මේ .......මේ......මම ආවෙ නිවඩුවට , තමුසෙලා දෙන්නයි මෙතන මේ වැඩ කරන්න ආවෙ, ලොකු හෙයෝන් කියපු හින්දා මේ ආවෙ නැත්තන් තනියම එවන්නෙ "

යුන්ගි සෝෆා එකෙ හිටපු විදිහටම ඇස් වහගෙන කියද්දි තමයි ජිමින්ට මතක් උනේ ඇත්ත නේද කියලා .ඒත් ඉතින් මනුස්සයෙක් විදිහට මෙ බඩු ටික අස් කරගන්නවත් උදව්වක් දෙන්න එපැයි නේද .

"පොඩ්ඩක් නැගිටල මේ ටික අස් කරගන්න උදව්වක් කලා කියලා ගෙවෙනවෑ" ජිමින් එහෙම හිතන ගමන් බඩු ටික පරිස්සමින් ගරජ් එක පැත්තට ගෙනිච්චා.
මෙයාල කලින්ම ගරාජ් එක අස් කර ගත්ත හින්දම හොදයි. නැත්තන් ඉතින් මේව කොහෙ තියන්නද.

"ජිමිනා, මේක කොහෙන්ද තියන්නේ " ඒ පාර ටේ කෑ ගහන්න ගත්තා.

"ඔය කොහෙන් හරි තියනවා ඕයි හැම එකම මගෙන් අහන්නෙ"

කොහොම කොහොම හරි හවස් වෙන්න කලින් කියෝලා කියෝලා දෙන්නම එයාලගෙ චූටි ලැබ් එක හදා ගත්තා.

Sea Legacy (Completed)Opowieści tętniące życiem. Odkryj je teraz