♕21.Chapter

352 100 54
                                    

"ඒක නේවේ මං කියන්නෙ.....මේකයි මම........"

" ඔව් ඔයා මොකද?"

"මං කලුවරේ පීනන්න බයයි"

ජන්කුක් ගත් කටටම එහෙම බොරුවක් කිව්වම ජිමින් තමන්ට මේ දැන් ඇහුන දේ හරිද වගේ ජන්කුක් දිහා බැලුවෙ.

(බොරු කිව්වට කමක් නෑ ඔය ජිමිනව අල්ලගන්නවා කොහෙවත් යන්න නොදී😒🤧)

"යා........ කුකී ඔයා දැන් කිව්වෙ ඇත්තමද.........?"

"ඔය ඉතින් විහිලු කරන්නනෙ යන්නෙ"

"කුකී ටිකක් ඔහොම ඉන්න ......."

ජිමින් තොල් දෙකත් කට ඇතුලට කරලා තද කරගෙන ඉදන් හිටිය තැනින් නැගිටලා ටිකක් ඈතට ගියා.

"ජිමිනී...... ඔය කොහෙද යන්නෙ ඉන්න......... වැඩිය දුර යන්න එපා"

ඒත් ජිමින් නම් ඒකට කන් දෙන්නැතුවම දුවගෙන ගිහින් එක පාරට නැවිලා හිනා වෙන්න පටන් ගත්තා. ජන්කුක් ඒ වෙලාව කටට ආව පලියට එහෙම කිව්වට ඇත්තම හේතුව ඒක නෙවේ කියල දැන් ජිමින්ට කිව්වට ජිමින් ඒක විස්වාස කරයිද.

ජන්කුක්ට ඇත්තටම ඕන වුනේ කවුරුත් නැති මේ වැල්ලෙ ඉදගෙන ජිමින්ගෙ උකුලෙන් ඔලුව තියාගෙන එයාගෙ හිතේ තියෙන හැම දෙයක්ම ජිමින්ට කියන්න.......එයා ජිමින්ට කොච්චර නම් ආදරෙයිද.... කියල කියන්න ජන්කුක්ට ඕන උනා....... ඒත් ඇයි එක පාරටම ජන්කුක්ට ඒ දේවල් ජිමින්ට කියන්න ඕන වුනේ...... ආයෙ කියන්න බැරි වෙයි කියලා හිතෙන්න ඇතිද...... නැත්තන් ඇත්තටම එහෙම වෙයිද........

"අම්මො...හ් කුකී......හ්..හා..."

මේ දිහා ඈත් ඉදන් බලන් හිටිය ජන්කුක් නම් හැබැයි බය උනා එක පාරට ජිමින් මෙහෙම නැවිලා දගලන්න ගත්තම. එයා කෑ ගගහම ජිමින් ලගට ආවෙ හොදටම බය වෙලා ඒත් ලගට ආවම තමයි වැඩේ තේරුනේ.

"යා....... ජිමින් ඔයා ඔය මට හිනා වෙනවද?"

ජිමින් හිනා වෙනවා දැකලා ජන්කුක් ටිකක තරහෙන් වගේ අනික් පැත්ත හැරුනා.

"අම්මොහ් මහ ලොකු කතා නම් තියෙනවා ඒත් .........."

ජිමින්ට කතා කරන්නත් බෑ හිනාව. එහා පැත්ත හැරිලා හිටිය ජන්කුක්ටත් ඒ හිනාව ඇහිලා මූනට හිනාවක් ආවෙ නැතුවමත් නෙවේ මොකද එයාට මේ දවස් ටිකේ ජිමින්ගෙ මේ හිනාව මගහැරිලනෙ තිබුනෙ .ජිමින් හිනා වෙවීම පිටිපස්සෙන් ඇවිත් ජන්කුක්ගෙ උරහිසෙන් අත තිබ්බම ජන්කුක් උරහිස ගැසුවා.ඒත් ජිමින් ආයෙත් අත තිබ්බම ජන්කුක් ආයෙ උරහිස ගැසුවාම නම් ජිමින්ට ටිකක් දුක හිතුනා ඒත් එක්කම එයාගෙ හිනාවත් නැවතුනා.

Sea Legacy (Completed)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें