♕26.Chapter

700 113 105
                                    

හැමෝම සතුටින් හැමදාම හිනා වෙලා හිටියෙ.
සතුටින් කල් ගෙවෙනකොට කාලෙ යන වේගෙ කාටවත් දැනුනෙ නෑ......ඒ තරමටම හැමෝම හිටියෙ සතුටින්.

සමහර දවස් වල ජිමින් ජන්කුක් දෙන්නා මෙයාලගෙන් ඈත් වෙලා දවස් ගානක් හිටියත් ඒ දෙන්නා ඒ වැඩ සේරම ඉක්මනට ඉවර කරගෙන ආයෙත් එන වග බලා ගත්තා.

" හියුන් මම යනෝ......"

හෝබිගෙ වාහනේ සද්දෙ ඇහුනම ටේ ඉක්මනට පහලට ඇවිත් එලියට දුවන ගමන් කිව්වා.

"පරිස්සමින ගිහින් එන්න ටේ......"

ගොඩ කාලෙකට පස්සෙ ටේ හොබී එක්ක ඩේට් එකකට යන්න ලෑස්ති වෙලා.

" හියුන් යමු යමු...."

ටේට මාර හදිස්සියක් තියෙන්නෙ.හොබී වාහනෙන් බැහැලා ගේ ඇතුලට එන්න හදද්දිම හොබීවත් ඇදගෙනම වාහනේට දිව්වා.

"ටේ ඉන්න හියුන් එක්ක කතා කරලා යමු......"

ජන්කුක්ටනම් හිනා ජන්කුක් ගේ ඇතුලට එනකොටම වගේ ටේ හොබීව ඇදගෙන දුවපු විදිහට.

"ටේ ටේ ඉන්න හියුන් එක්ක කතා කරලා යමු....."

"අනේ මේ ඇයි හියුන් එක්ක අද ඇරෙන්න කතා කරන්න වෙන දවස් නැද්ද හවසට කතා කරමු දැන් යමු.....ගඩක් දේවල් කරන්න තියෙනවා අද...."

"ටේ බබා ඔයා නම්....."

හොබීත් ටේගෙ කතා වලට හිනා වෙවීම වාහනේ ස්ටාට් කරගෙන ගියා.

"හියුන් ජිමින් තාම නිදිද...."

ජන්කුක් ඇතුලට එනකොට කොහෙ හරි යන්න ලෑස්ති වෙලා හිටිය ජින්ගෙන ඇහුවෙ ජිමින් පේන්න හිටියෙ නැති නිසා.

"ඔව් අන්න නිදි.....එයා කොහොමත් පස්ස පැත්තට ඉර එලිය වැටෙනකන් නිදියනවනෙ......"

"හියුන් කොහෙ හරි යන්නද.?"

"ඔව් කුකී.....මමයි ජූනුයි සෝල් යනවා දවස් දෙක තුනකට..... ජුනී.......තාම මොකක්ද අනේ කරන්නෙ.....කෙල්ලෙක් බලනන යනවා කියලද හිතන් ඉන්නෙ"

ජන්කුක් ඒක ඇහුවෙ අපරාදෙ කියලා හිතුනා ඒක අහපු වෙලේ ඉදන් ජින් කලෙ නාම්ජූන් එනකම්ම කෑ ගහපු එක.

"හියුන් යුන්ගි හියුන්-?"

"ආ එයා අද කලින් ඔෆිස් එකට ගියා කලින් ගෙදර හිටිය හින්දා වැඩ වැඩි වෙලා කියලා......"

Sea Legacy (Completed)Where stories live. Discover now