♕11.Chapter

372 113 53
                                    


දෙන්නම පාරෙ ඇවිදන්ගියත් දෙන්නගෙම හිත් වල තිබ්බේ,
නීරා..............
එයාට ටේව හම්බුනේ මොන වෙලාවෙද.......................

ජන්කුකුයි හොබී කෙලින්ම ආවෙ හෙඩ් ඔෆිස් එකට.දෙන්නා තාමත් කල්පනා කරනව ටේ ගැන.

"සර් මන් ඇතුලට එන්නද?"

එලියෙන් එමීගෙ කටහඩ ඇහුන හින්දා හොබිත් එයාට එන්න කියලා. ෆයිල් එකක් අතට ගත්තා

"සර් මේ රිපෝට් දෙක හදලා ඉවර කරලා තිබ්බ දෙකක් "

"කෝ දෙන්න මන් බලලා දෙන්නම්,"

හොබී කිසි උත්තරයක් දුන්නෙ නැති හින්දා ජන්කුක් රිපෝට් දෙක ඉල්ල ගත්තා.

"තැන්ක්‍යූ සර් . එහෙනම් මන් යන්නම්"

"පොඩ්ඩක් ඉන්න................."

එමී දොර ඇරගෙන එලියට යන්න හදද්දිම ජන්කුක් එමීව නවත්තගත්තා.ජන්කුක් එමීගෙ කකුල් දිහා බලාගෙන නැගිටලා එමී දිහාට යනකොට හොබීත් ඒ පැත්ත බැලුවෙ මූට මොකො එක පාරට උනේ කියලා.

"ඔයා.........එලියට කොහෙ හරි ගියාද අද බීච් එකට වගේ?........"

"නැ....නෑ සර් ඇයි?........"

"ආ හරි එහෙනම් .......ඔයාට යන්න පුලුවන් දැන්"

"මොකද බන් එක පාරට එහෙම ඇහුවෙ. උබට මොකෝ ඒ කෙල්ල කොහෙ ගියත්"

හොබීට පුදුමයි ජන්කුක් එක පාරට එහෙම ඇහුවම.

"එයා බොරු කිව්වෙ..........."

"ඈ............."

"එයාගෙ ශූස් වල වැලි තිබ්බ දැක්කද ?"

"හරි ඉතින් ඒ කෙල්ල පොඩ්ඩක් යන්න ඇති එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක"

" නෑ මන් ගිය එක වැරදී කිව්වෙ නෑ, ඒත් ඇයි බොරු කිව්වෙ?.."

"යකෝ උබ පලයන් රහස් පරික්ශක කෙනෙක්ට ..............උබ ඒක නිකන් ඇහුවෙ අපරාදකාරයෙක්ගෙන් අහනවා වගේනේ ඒ කෙල්ල බය වෙන්න ඇති"

"හරි හරි උබ කියනවා වගේ වෙන්න ඇති එහෙනම්, යම්ං දැන් අර ටික බලහන් ඒවත් කරන්න එපැයි"

-----------------------------------------------------------

"ජිමින්...............මොකද පරක්කු? ටේව බලල එනවා කියලා එක්කගෙනම ආවද?"

Sea Legacy (Completed)Where stories live. Discover now