♕24.Chapter

363 107 82
                                    

ටේ උදෙන්ම නැගිට්ටෙ ජිමින්ව බලන්න තිබ්බ හදිස්සියට....එයාට ඕන උනා ජිමින් හොදින්ද බලන්න.එයා දැකපු දේවල් එක්ක ටේට තිබ්බෙ ජිමින් ගැන බයක්.

" හියුන් චිමී එන්නෙ කීයටද....?"

හොස්පිට්ල් රූමෙකේ එහෙට මෙහෙට ඇවිදින ගමන් ටේගෙ බඩු ටික ලෑස්ති කරන හොබීගෙන ටේ ඇහුවෙ බලන් ඉන්න බැරි තැන.

"ඒ දෙන්නා ගෙදරට එයි ටේ ....."

හොබීත් ටේගෙ මූන දිහා නොබලම උත්තර දුන්නා.

ටික වෙලව්කින් නාම්ජූන් එක්ක ජින් ආවහම කට්ටියම යන්න ලෑස්ති වෙලා ඉද්දි දොර ඇරගෙන ආව එක්කෙනා හින්දා ටේගෙ මූනෙ හිනාවක් ඇදෙද්දි අනික් අය මේ දෙන්නා දිහා බැලුවෙ පුදුම වෙලා වගේ...

"චිමී........."
ටේ දුවගෙන ගිහින් ජිමින්ව බදා ගත්තා. ජිමිනුත් ටේව හග් කලේ නිකන් අවුරුදු ගානක් දැක්කෙ නැති දෙන්නෙක් වගෙ.

"ටේ මොකෝ මේ......."

ජිමින්ගෙ උරහිස තෙත් වෙනවා වගේ දැනුන හින්දා ජිමින් එක පරටම ටේගෙ අත් බුරුල් කරලා ටේගෙ මූන එයගෙ අත් අතරට ගත්තා.....ටේ ඒත් ටේ බිම බලගෙනමයි හිටියෙ.....

"ටේ මොකද අනේ මේ "

ටේ තාමත් බිම බලගෙන නහය පිහ පිහ අඩනවා.

"ජිමිනා......කොහෙද හිටියෙ ඇයි ඊයෙ ආවෙ නැත්තෙ........ඒක නෙවේ ඔයා......."

ටේ කියන්න හදපු එක වටපිට බලලා නවත්තගත්තෙ නිකන් එතන තව කට්ටිය ඉන්න වා කියලා මතක් වෙලා වගේ.

"ජිමිනා යමුකො ගෙදර........ඔයා එක්ක ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා"

දවස් තුනක් තිස්සෙ ඇදට වෙලා හිටිය කෙනාට මොකක්ද කතා කරන්න තියෙන්නෙ කියලා අනික් කට්ටියට හිතුනත් වෙනසක් පෙන්නන්නැතුව හිනා වෙලා ඔක්කොමත් එක්ක ගෙදර ගියා.

"කුකා මොකද වුනේ ?"

හොබීගෙ කටහඩේ තිබ්බෙ කුතුහලයක් වගේම දුකක් ජන්කුක්ලා එක්ක ඉන්න බැරි උන හින්දා .

"ගිහින් කියන්නම්"

ජිමිනුයි ටේයි ගියේ යුන්ගිගෙ වාහනේ.ජිමින් ආයෙත් ආව හින්දා යුන්ගිගේ හිතේ සතුටක් තිබුණට යුන්ගි ජිමින්ගෙ මූනවත් බැලුවෙ නැ. වාහනේ ගෙදරට යනකන්ම ටේ ජිමින් එක්ක කතා කර කර ගියාට ජිමින් හිටියෙත් එයාගෙ හියුන්ට කතා කරන්න විදිහක් හොය හොය.
°
°
°
°
°
°
°
°

Sea Legacy (Completed)Where stories live. Discover now