♕7.Chapter

438 121 68
                                    


"ඒක නෙවේ අර ඔයා හැම වෙලාවෙම දාන නිල් ගලක් අල්ලපු මාලෙ කෝ?"

"ඒක සමහර දවස් වලට ගලවනවා මම"

"ඒත් ඒක ගලවන්න එපා ඒක දාං ඉද්දි ඔයා තවත් ලස්සනයි "

" ඉන්නකො එහෙනම්........."

ජිමින් පොඩි බබෙක් වගේ ඇතුලට ගිය විදිහ දැකලා ජන්කුක්ට හිනා ගියා.ජිමින් ආයෙ ආවෙ මාලෙත් අතේ තියාගෙන.

"එහෙනම් ඔයාම දාන්නකො"

ජිමින් මාලෙත් ජන්කුක්ට දික් කරලා හිනා වෙවී කිව්වම ජන්කුක් මාලෙ අරගෙන ජිමින්ට දැම්මා.

"අනේ ඇති බන් උදේ වෙනකම් මෙතන ඉන්න බෑ වරෙන් යන්න"

හොබී පල්ලෙහා ඉදන් ඒ අස්සෙ මුමුණනවා.

"හරි හරි ඉදහන් නහයෙන් අඩන්නැතුව...... චිම් පරිස්සමින් ඉන්න......"

" ඔයත් පරිස්සමින් යන්න කුකී"

ජන්කුක් ජිමින්ගෙ නලලට කිස් එකක් දීලා තාමත් ජිමින්ගෙ ඇස් දිහා බලගෙන ඉන්නෙ ඒ ඇස් දාලා යන්න බෑ වගෙ නිකන්. එයාට දැන් දැනුනෙ ජිමින් නිකන් එයාගෙන් ගොඩක් ඈත් වෙලා වගේ.

"උබ එනවද මම යන්නද?......"

මේ පාර නම් හොබී ටිකක් සද්දෙට කිව්වම ජන්කුක් බැහැලා ආවා. එයා වාහනේට නගින්න කලින් ආයෙත් ජිමින් දිහා හැරිලා බලද්දි ජිමින් තාමත් එයා දිහා ආදරේ පිරිච්ච ඇස් වලින් බලාගෙන හිටියෙ ,ඒ ඇස් දිලිසෙනවා .
ජන්කුක් ජිමින්ට බායි කියලා ගෙදර ආවා. ඒ උනාට එයාට කල්පනා කරන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බ හින්දා නින්ද නම් ගියේම නෑ.

"ඇයි එක පාරට ජිමින්ගෙ සුවද, එයාගෙ ඒ ලස්සන හිත මට දැනුන්නැත්තෙ" ජන්කුක්ට කල්පනා උනේම ඒක විතරයි එයාට හිතා ගන්න බැරි උනා එක පාරට ජිමින් හිතන දේවල් එයාට දැනෙන්න හේතුව වගේම එක පර ඒ දේවල් දැනුන්නැති හේතුව.
-----------------------------------------------------------

"ආශ්.... මේ ජන්කුක් හින්දා වෙන්නෙම මගේ වැඩ අනිත් පැත්ත හැරෙන එක, අදම මේ වැඩේ ඉවරයක් කරන්න හිටියෙ"

කවුරු උනත් ජිමින්ලගෙ ගේ දිහා බලාගෙන හිටපු ඒ කෙනාට ගොඩක් තරහා ගිහින් හිටියේ.

Sea Legacy (Completed)Место, где живут истории. Откройте их для себя