♕14.Chapter

366 111 39
                                    

"ජිමී................න්"

ජන්කුක් කොච්චර කෑ ගැහුවත් ජිමින් නෙවේ ආපිටට උත්තර දුන්නෙ.

-----------------------------------------------------------

ජන්කුක් ජිමින්ව ඒ වටේම හෙව්වත් එයාව් හොයා ගන්න බැරි උනා. ජින් එයලා එනකොට ජන්කුක්ගෙන් අහපු ප්‍රශ්නෙ ජන්කුක්ගෙ ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා .

"ජිමින්ව හවස් වෙන්න කලින් එක්කගෙන එන්න පුලුවන් නේද..?"

ජන්කුක් එයාගෙ හිසකෙස් අතරි කලබලෙන් අත යවන ගමන් ආපහු සැරයක් හොදින් බැලුවා. ඒත් එක්කම වගේ ජන්කුක් දැක්කෙ ඈතින් පේන අතක් ඒ වගේම සැරින් සැරේ මතු වෙලා ආයෙ නොපෙනී යන ඔලුවක්. ටිකකින් ජන්කුක්ට තේරුම් ගියා ඒ ජිමින් කියලා එයා උදවු ඉල්ලනවද ඒ, එය ගිලෙන්නද යන්නෙ.

ජන්කුක් තවත් හිත හිත ඉන්නෙ නැතුව ජිමින්ව බේර ගන්න මුහුදට පැන්නා එයාට මොහොතකට අමතක උනා ජිමින්ට හොදට ස්විම් කරන්න පුලුවන් කියලා වගේම ජන්කුක් නොකියම ජන්කුක්ගෙ අනන්‍යතාවය ජිමින්ට එලි වෙනවා නේද කියලා.

ජන්කුක් ජිමින් ඉන්න තැනට පීනනවත් එක්කම ජිමින්ගෙ මතු වෙවී තිබ්බ ඔලුව එක පාරටම නොපෙනී ගියා.

... ... ... ... ... ... ... ... ... ...

ජිමින් හිටියෙ සම්පූර්නයෙන් වතුර මැද වගේ. එයාට ස්විම් කරලා හොද පුරුද්දක් තියෙන හින්දා හුස්ම අල්ලන් ඉන්න පුලුවන් උනා

"ජිමින්........දරුවෝ ඔයා එහෙනම් අන්තිමේදි ඔයාගෙ ඔම්මා ලගට ආවා."

ජිමින්ට ආයෙත් ඇහුනෙ එයා ගොඩබිමදි ඒ ඇහුන කටහඩමයි. ජිමින්ට ඒ කටහඩේ ලොකු ආදරයක් ගැබ් වෙලා තියෙනවා වගෙයි දැනුනෙ නිකන් එයට පොඩි කාලෙ ඉදන්ම මග හැරිච්ච ආදරයක් වගේ ජිමින්ට ඒ කටහඩේ අයිතිකාරිව බලාගන්න ඕන උනත් එයාට ඒ අයිතිකාරිව නම් පෙන්නවත් නෑ. ඒ කටහඩින් කියපු දේවල් වලින් ජිමින්ගෙ කන් පිරිලා තිබ්බේ "ඔම්මා" කියන ඒ වචනෙන්.

" දරුවො මට සමාවෙන්න ඔම්මා ඔයාව දාලා ගියාට මගේ පුතාගෙ අනන්‍යතාවය හැංගුවාට, පුතාව එයාගෙ ගෙදරින් ගොඩක් ඈත් තිබ්බට. ඒත් අදින් පස්සෙ ඔයාට පුලුවන් ඔයා විදිහට ජීවත් වෙන්න. ඔයාට තියෙන වගකීම් ඉශ්ට කරනවා නේද ? මේ සාගරයේ වගේම ලෝකයේ අනාගතයටත් බලපානවා ඔයා ඔයාගෙ වගකීම් ඉශ්ට කරන විදිහ. ඔම්මගෙ එකම බලාපොරොත්තුව ඔයායි ජිමින්"

Sea Legacy (Completed)Where stories live. Discover now