♕18.Chapter

389 110 59
                                    

ජිමින්ට කියන්න ගිය දේ සම්පූර්ණ කරන්න ලැබුන්නෑ ජන්කුක්ගෙ තොල් ජිමින්ගෙ පිරුනු තොල් එක්ක ලොකූ සෙල්ලමක් පටන් අරන් වගෙයි.

ජන්කුක්ගෙ තොල් ජිමින්ගෙ තොල් අතරෙ එහෙ මෙහේ යද්දි ජිමිනුත් ඒ ආදරේ නිදහසේ විදගත්තා.

දෙන්නට වෙන්වෙන්න නම් කිසි අදහසක් නැති පාටයි.ඒත් ඉතින් හුස්ම ගන්නත් එපැයි.
ජිමින්නම් ජන්කුක්ගෙන් වෙන් වුනු ගමන්ම දිව්වෙ වොශ් රූම් එකට.
ජිමින් ගිය දිහා හිනා වෙවී බලන් ඉදලා එයත් පල්ලෙහාට ගියා කන්න හදන්න.
°
°
°
°
°
°
...............................................................

"යුන්ගි කොහෙද යන්නෙ"

උදෙන්නම යුන්ගි ලෑස්ති වෙලා යන්නෙ කොහෙද කියලා ජින්ටනම් හිතා ගන්න බැරි උනා.

"යාලුවෙක් හම්බෙන්න...."
යුන්ගි කිව්වෙ එච්චරමයි හැරිලවත් බලන්නැතුව යන්න ගියා..
°
°
°
°
°
°
°
"ජිමින්..........ඔයා සතුටින් ඉන්න ඔයාගෙ වගකීම් හරියට ඉශ්ට කරන්න...........ජන්කුක් ඔයාව හොදින් බලා ගනී ............ "

හොබීගෙ ගෙදර ඉස්සරහා වාහනෙත් නවත්තගෙන් ගේ දිහා බලාගෙන් එහෙම මුමුණපු යුන්ගි තවත් ටිකක් වෙලා එහෙම්ම එතනම හිටියා. ඒ වෙලාවෙම යුන්ගිගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා.

📲 -"යුන්ගියා කොහෙද ඉන්නෙ......... එන්නෙ නැද්ද ..........?"

"අද එන්න වෙන්නෙ නෑ වෙනා දවසක බලමු"

📲- "ඒත් ඔයා පොරොන්දු උනා........ එනවා කියලා......"

" එක සැරයක් කිව්වම තේරුම් ගන්නවා මට එන්න වෙන්නෙ නෑ............."

📲" හරි එහෙනම්..............එන්න ඕනේ නෑ"

ඒ කෙනා තරහෙන් ෆෝන් එක කට් කලා.

"ආයිශ්.............මල කරදරයක් මේකත්........."

යුන්ගි තරහෙන් කෑ ගහලා වාහනේත් ස්ටාට් කරගෙන එතනින් ගියා.

°
°
°
°
°

යුන්ගි ගිහින් වාහනේ නැවත්තුවෙ ගෙයක් ඉස්සරහෙන්. එයා වහනෙන් බැහැලා ගේ ඇතුලටම ගියා.

"එනවා යන්න............"

ගේ ඇතුලෙ ඉදන් හිටිය කෙල්ලගෙ පිටිපස්සෙන් හිටගෙන එහෙම කිව්වත් කෙල්ලනම් පිටිපස්ස හැරිලා බැලුවෙවත් නෑ.

Sea Legacy (Completed)Where stories live. Discover now