🌹💖 come back 2- නැවත පැමිණීම 2 💖🌹

941 181 26
                                    

' උන්නි හරි ඇති... ජිමින් මේක කලත් ඒ කෙනා ජිමින්ට පිටින් ගියා... එයා...එයා මටයි වෙඩි තිබ්බේ... මං වගේ මෝඩියක්... මං නිසා දැන් උන්නිටයි ප්‍රශ්න... ඇයි මං එච්චරටම මුරන්ඩු... මට නොයා ඉන්න තිබ්බා... හැබැයි මං නොගියනම් උන්නි කියපු විදිහෙ දෙයක් වෙන්නත් තිබ්බා....'

සෝහි කල්පනා ලෝකෙක.... තාමත් හිතා ගන්න බෑ මොනාද වුනේ කියලා...

මේ අතරේ ජිමින්....

අදත් ක්ලබ් එකේ අරග්ගත්තා... සුගා දැන් වැඩ කරන්නෙ ක්ලබ් එකේ... ජිමින්ව දැකපු සුගා ඉක්මනින් එතනට ආවේ ජිමින් දැනටමත් විස්කි බෝතලෙන් භාගයක්ම ඉවර කරලා තියෙනවා දැකපු නිසා..

" යාහ් ජිමින්... ඒ පාර මොකද මේ..."

" අහ් හ්‍යුන්... ඔයා.... "

" නැතුව ඉතින් වෙන කවුද "

ජිමින් වෙරි මර ගාතේ ඇසුත් රතු කරන් බොරු හිනාවක් මවන් සුගා එක්ක කතා කරත් සුගාට තේරුනා අදත් ප්‍රශ්නෙක තමා කියලා... නැත්තන් ඔහොම වෙරි වෙන්නම ජිමින් බොන්නෙ නෑ කියලත් සුගා දන්නවා....

" ජිමින් මොකද වුනේ..... "

" ඇයි හ්‍යුන්... නිව්ස් බලන්නැද්ද... කෝ හ්‍යුන්ගෙ පෝන් එක.... "

" අහ් ඒක... කාර් එකේ... මෙතන පෝන් පාවිච්චි කරන්න බෑනේ අපිට...."

" එහෙනම් හ්‍යුන් මේක බලලා ඉන්න.... "

ජිමින් එයාගෙ පෝන් එක අරන් සිගාට පෙන්නුවා.... පෝන් එකේ තිබ්බ දේ දැක්ක ගමන් සුගාගෙ පූස් කට ඇරුනා...

" wtf... jimin.... සෝහි.... එය... එයා ඉන්නවා.... "

" ..... 😑 "

" ඉතින් මනුස්සයො පාටියක් දීපන් දැන්... උබේ ආදරේ තාම ජීවත් වෙනවා... ඒත් මැරුන කෙනා කොහොමද ආවෙ... උබ ඇයි දැන් ඔහොම ඉන්නේ සතුටු වෙන්න ඕනෙ වෙලාවේ.... "

" සතුටු වෙන්න...හාහ්...😏 මගේ ආදරෙත් බොරුවක්... ඒ ආදරෙ මට කරලා තියෙන්නේ බොරුවක්... ඔක්කොම උන් මාව ගොනාට අන්දලා...."

( author - උබ විහින් ගොනාට ඇන්දිලා ඉන්නේ මෝඩයෝ උබෙ අම්ම නිසා.... )

" මගේ ආදරේ... ඒක බොරුවක්... ම්ව්ච්චර කල්... එයාගෙ අක්කව පරිස්සම් කර ගන්න නටපු නාඩ ගමක්.... එයාට මතකය අමතක වෙලා ඉදලා නෑ... චෝහිට හැමදේම මතකයි... උන් මගේ ජීවිතෙත් එක්ක කරලා තියෙන්නේ ලොකු සෙල්ලමක්... ඔම්මා කිව්වා හරි... president sheet එක ගන්න ඕන නිසා මුන් රගපාපු නාට්‍යක් මේ ඔක්කොම... හහ්... ඔය ඔක්කෝටම මන් පෙන්නන්නම්... මේ ජිමින් පුංචිකාලෙ හිටපු අහිංසක හුරතල් ජිමින් නෙමෙයි කියලා... "

💔Revenge in the ⚤︎卩卂|几 💔 [ Complete ]Where stories live. Discover now