Chap 06🔸

1.3K 280 5
                                    

Athour pov-

අත් දෙක අතර රිදුම් දෙන ඔලුව තදින් මිරිකගෙන ජන්කුක් ඇස් කොනින් බලන් හිටියා ජියා දිහා.

පුංචි කෙල්ලටත් මොන මොනාදෝ කිකිය හුරතල් කරන ගමන්  අතෙන් අල්ලන් එක්කන් යනවා.කොල්ලට හිනත් යන්න එනවා පොඩි කෙල්ල දැකලා.

ඔලුවෙ ඉදන් යටිපතුලට යනකම්ම කෙල්ලව ඔතලා නිකම් මමිය වගේ. බෙල්ල වටෙත් ස්වීටර් එකක්.ඇස් දෙකත් එක්ක මූනෙ සුට්ටම සුට්ටක් විතරයි කෙල්ලගෙ පාට හොයන්න කියලවත් පිටට පේන්නේ

බටු ඇටේ... ජියාගෙ ඉන ලගටවත් නෑ පුන්චි කෙල්ල.

'නැනෑ එපා. ඒකි උබව රැවැට්ටුවා ජන්කූ...ක්!!! ඒකි මිනිහත් එක්ක හොදට ඉන්නවා.ඒකිත් එක්ක ලැග්ග එවුන්ගෙන් එකෙක් විතරයි මාත්'😔

තමන්ගෙම හිත කොහොම කිව්වත් ඇස් ලෑස්ති නෑ පෙනි පෙනි තමන්ගෙ ඉස්සරහම ඉන්න කෙල්ල තත්පරේකටවත් අත අරින්න.

වේගෙන් හුස්ම ගන්න ගමන්ම පැත්තක් බලපු කොල්ලා නොදැනුවත්වම ආයෙත් කෙල්ල දිහා හිමින් බැලුවා.

බිම දිගේ බඩගාගෙන ඉන්න කෙල්ල දැකලා ලා හිනා රැල්ලක් ගියත් ක්ශනිකවම කොල්ලා ආයෙත් මූන අදුරු කරගත්තා.

ඔම්මගෙ අත අතෑරෙද්දි හුලගට ගියපු බටු කෙල්ලගේ කොලේ, කොල්ලගෙ කා එක පැත්තට එනවා.

වේගෙන් යන වාහන වල හුලන් පාරට කොලේ පාර පුරා පාවුනා.

ජියා තවමත් දැක්කෙ නෑ හැන්ඩ් බිල් එක පස්සෙන් වේගෙන් එන වාහන අතරට යන සෙමීව.

හැමෝගෙන අවදානයෙන් ගිලිහුනත් ජන්කුක්ගෙ ඇස් මහ පාර මැද්දටම යන සෙමීගෙ පස්සෙන්මය්.

"ආය්ශ්. මේ කෙල්ල.මොන මගුලෙ යනවද මන්ද...අනී!හහ් ඒකත් හොදය්. මට මොකද මොනා උනාම. මන් එක්කන් ආපු එකියක් නෙවෙය්නෙ.අනී අනි අනි මගේ වැරැද්දක් නෑ.අම්මලා දැනගන්නොනෙ ලමයා ගැන බලන්න.ඒකි හැප්පුනොත් ඒක උන්ගෙ වැරැද්ද"😶

වරදකාරි හැගීමෙන් මිදෙන්න කොල්ලා තනියම කියවනවා.

මිනි ට්‍රක් එකක් පොඩි කෙල්ලගෙ පැත්තට එනවා. ජියා කෑ ගහගෙන දුවගෙන එනවා කොල්ලා බලන් හිටියා ශාහ්!ෆිල්ම් එකක් බලනවා වගේ!

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now