Chap 24🔸

1.2K 270 6
                                    

"උබ කොහොමද යකො... ලැජ්ජ නැතුව තවත් මෙතෙන්ට ආවෙ..."

සේ ජූන් ගෙ අත් අතරට ජන්කුක්ගෙ කොලර් එක හිරවෙද්දි ඒ හය්යටම කොල්ලා ඇදිලා ආවා. ජන්කුක්ටත් කලින් කොල්ලගෙ ඇස් ඩැහැගත්තෙ ගේ ඇතුලෙ පොඩි කරලා දාලා තිබුනු බඩුමුට්ටු.

අත මිට මෙලවිලා ආවේගෙටම මූණ ලගට ආවත් ලේ වලින් පෙගුලු ශර්ට් එක වගේම අඩවන් ඇස් කොල්ලගෙ අතේ වේගේ බාල කලා.

ජන්කුක්ව දැක්ක මොහොතෙම සෙමීත් දුවන් ඇවිත් කොල්ලගෙ කලවා හරියෙන් බදාගත්තා. කෙල්ල උස නෑ. එහෙම්මම හිමීට ඔලුව උස්සලා බලන් හිටියත් ජන්කුක් කෙල්ලගෙ ඔලුව වත් අත ගෑවෙ නෑ.

"උබට මොනාද වෙලා තියෙන්නෙ!"

සේ ජූන් ඇහුවෙ කොල්ලව අතාරින ගමන්. ලොකු වෙනසක් තිබ්බා කොල්ලගෙ.

නොපැහැදිලි රූප අදුනගන්න ජන්කුක් හය්යෙන් ඔලුව දෙපැත්තට වැනුවෙ එක අතකින් හය්යෙන් තට්ටු දාන ගමන්.

ජියා ගේට් එක ලගටම වෙලා මේ හැමදේම දිහා බොද උනු ඇස් වලින් බලන් හිටියා. කොල්ලා ආපහු ඇවිත්... අන්තිමේදි කොල්ලා කොහොම හරි තමන්ව හොයන් ඇවිත්.ඒත් තාමත් ඒ හිත තමන්ව පිලිකුල් කරනවා ඇද්ද...

ජියාගෙ උගුරෙ හිර උනු ඉකියවත් පිට කරන්න හය්යක් තිබුනෙ නෑ. ඒ හිතට දැනුනෙ සතුටක්ද මොකක්ද නොතේරෙන තරම්.

බොද උනු රූප ලාවට පැහැදිලි වේගෙන එද්දිම කොල්ලගෙ ඇස් රැදුනෙ ඉනට පහලින් දැනෙන උනුහුම ලග.

පුංචි මැනික් කැටේ... කොල්ලගෙ දණිහට උඩින් බදාගෙන කෙල්ල බලාගෙනම ඉන්නෙ කොල්ලා මොනාම හරි කරනකම්.එක්කො ඔලුව අතගාන්න... හිනාවෙන්න... ආදරෙන් මොනවම හරි දෙයක් කියන්න...

ඒත් ඊට වෙනස්ම ප්‍රතිචාරයක් ජන්කුක්ගෙන් ලැබුනෙ.කොල්ලා එක් ක්ශනයෙන් බිමට නැවිලා කෙල්ලව තදින් බදාගෙන ඉකි ගහන්න්න ගත්තා. ඉකියවත් පිට වෙන්නෑ. පපුව පුරාවට දැනෙන්නෙ දැවිල්ලක්.

"මියාන්හේ සුදු නෝනා... ම..මට බෑ ඔයා නැතුව ඉන්න බෑ...හැම.දේම මට නැති උනා කිය.ලා හිතුනා..."

කොල්ලා ලග ගදය්. ලේ සුවද පොඩි කෙල්ලෙක්ට ලේසියකට දරාගන්න බෑ. ඒත් සෙමී කොල්ලගෙන් අය්න් උනේ නෑ. ඒ වෙනුවට තමන්ගෙ උරහිසට තද උනු ඒ ඔලුවෙ හිස්කේ අතර කෙල්ල චූටි ඇගිලි යැව්වා.

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now