Chap 20🔸

1.1K 262 8
                                    

මුලු රැයක් පුරා සීතල පොලොවෙ බිත්තියට හේත්තු වෙලා කෙල්ල හොදටම ඇඩුවා.

පුංචි කෙල්ල රෑ මැදක් වෙනකම්ම සැරින් සැරෙ දොර ලගට ඇවිත් දොර හූර හූර කෙල්ල එනකම් බලන් හිටියත් දරුවා වෙනුවෙන්වත් දොර අරින්න කෙල්ලට හිතුනෙ නෑ.

කෙල්ලට ඒ අප්පගෙ ආදරේ ආරක්ශාව දීපු දෙවෙනි අප්පා. නෑ කෙල්ලට ඒ තමන්ගෙම අප්පා. කොල්ල ගැන හිතේ තිබුනු ගෞරවය ඒ තරම්. ඒ සෙහෙනස කෙල්ලට තමන්ගෙම අප්පගෙන්වත් ලැබුනෙ නෑ.

ජන්කුක් ඔලුව බදාගෙන අමාරුවෙන් වේදනා වින්ද හැටි කෙල්ලගෙ මුලු ඇස් පුරාම මැවිලා පේනවා. බලන බලන තැන කොල්ලවම පේද්දි කෑ ගගහා වේදනාව කදුලු කලේ කෙස් දෝතින්ම තදින් අදින ගමන්.

"අනේ ඇය් රත්තරනේ මාව එක පාරක් විශ්වාස කරන්නැත්තෙ. ඒ ගෑනි මොනා හරි කලොත්. මට ම.මන් මොනාද කරන්නෙ. මන් කියන දේ එකපාරක් අහන්නැත්තෙ ඇය්... ඇය්!! ඔව්. ඒ ඔයාගෙ දරුවා. ඔයාගෙ ලෙය්න්ම ඉපදුනු දරුවා.ඔයාගෙ දෝණි ඒ... ඒත් එන්න පුලුවන්ද ඔයාට අපි ලගට. ඒ ගෑනිව ඔහොම ලොකු කරගෙන එන්න පුලුවන්ද මැණික ඔයාට!"

මුලු පපුවම හිරවෙලා වගෙ දැනෙන්නෙ කෙල්ලට. මේ හැමදේම ජරා විහිලුවක් වගේ.

හීන මැව්වෙ ලස්සන මනාලියෙක් වෙලා කොල්ල එක්ක යන්න. කොල්ලගෙ ආදරේ මැද පුංචි පැටියෙක් එක්ක ජීවිතේට නැවුම් ආරම්භයක් ගන්න.ඒත් දැන් මේ ගෙවෙන ජීවිතේට දෙන්න නමක්වත් නැති තරම්.

රැයකුත් ගෙවෙනකම් ඉර එලිය ජනෙල් රෙදි අස්සෙන් එබෙනකම්ම කෙල්ල ඇඩුවා. ඇස් ඇරගන්න බැරිවෙනකම්ම... අවුරුදු ගානක දුක කෙල්ල එක පාර පිට කලා.

දවසක් පුරා එකම තැනක එහෙම ඉදලා හිට ගද්දි කකුල් නෑ වගේ කෙල්ලට දැනුනෙ. කකුල් දෙකම හිරි වැටිලා. පුංචි එකි රෑ කෙල්ල නැතුව නිදාගත්තෙ කොහොමද කියලා මතක් වෙලය් කෙල්ල එහෙමවත් නැගිට්ටෙත්.ඉදිමුනු ඇස් අතෙන් තද කලත් ඇරගන්න බැරි තරම් ඇස් පිහාටු වල බර ගතියක් දැනුනා.

හෙමි හෙමින් දොර ගාවට කිට්ටු වෙලා ජියා ලාවට දොර පියන ඇරියා. එක අඩියක් තියලා ඊලග එක කෙල්ල තා ටිකෙන් තියන්නෙ ජූනාගෙ ඇග උඩට.

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now