The Buried Love❤

1.8K 278 152
                                    

🎀Special chapter....✨️🏵️

ඉස්සෙල්ලම මේ තාක් කාලයක් මාත් එක්ක රැදුනු ඔයාලට මගෙන් තෑග්ගක්.... සමාවෙන්න ගොඩක් අය මේක කියවලා ඉවරය් දැන්. මම පරක්කු වෙලා අප්ලෝඩ් කරන්නෙ මේ.. හීහීහී😘😘😘😘😘😘😘😘😘😘

Kookie pov-

මේ අවුරුදු දෙකට නොහිතපු තරම් ලස්සන පාරක අපි ගොඩක් දුර ඇවිල්ලා.

දැන් ජීජුටය් මටය් කියලා පොඩි යස්ස පැටියෙකුත් ඉන්නවා. ජියෝන් ටේමින්. වෙනසක් වගේ දැනෙන්නැද්ද ඔයාලට. ටේමින්!..ඔවොව් මේකට නම දැම්මෙ උගෙ ලොකු තාත්තලා දෙන්නා. උන් දෙන්නගෙ නම් දෙක එකතු කරලා තමා නම දැම්මෙ.

කිසි වෙනසක් නෑ මන් නමට අප්පා! මොකද ඌට තිබ්බෙම ඒ යස්ස ගෝතයො දෙන්නගෙ දැගලිල්ල.

දැනුත් මම බිම දිගේ පෙල්ලිලා ඌව පපුව උඩ තියන් තමා ෆෝන් එකේ වැඩ කරන්නෙ. ඔෆිස් එකෙත් සූයා නැති එකෙන් වැඩ ගොඩගැහිලා. ජිමිනා එක්ක බෑනෙ අවුරුද්දට එක සැරයක් මාස දෙක තුනක නිවාඩු දෙන්නොනෙ සූයාට මේ කොටාලෙගෙ වැඩ නිසා.දැනටම එන්න ඉන්න එකත් එක්ක තුනය්....

මම උඩබැලි අතට බිම දිගාවෙලා පොඩි නසරානියව පපුව උඩින් වාඩි කරන් හිටියෙ. ඌට පිටිපස්සෙන් හොරෙන් ෆෝන් එක ඔබන්නෙ මන්. ඒකගෙ වැඩේ මගෙ ඔලුව දෙපැත්තෙන් කකුල් දෙකත් දාගෙන සෆාන් එකෙ මගෙ නහයෙ අල හාරන එක. උගෙ අගල් දෙකක් දිග නැති චූටි ඇගිලි මගෙ නහය අස්සෙ ඔබනවා.කරකෝනවා... ආයෙත් අදිනවා... ආයෙ ඔබලා බලනවා... තව මොකටද මන්ද එබිලත් බලනවා නහය අස්සෙ.

"අප්පා...."

හරි එල... මගෙ සුදු නෝනත් ආවා. කෙල්ලට හෙන ජෙල මන් මේකා නලෝ නලෝ ඉන්නකොට. මොනාම හරි කරනවා කියලා දන්න නිසාම මන් සට ගාලා ෆෝන් එක පැත්තකින් තිබ්බා. පෙර සූදානම ඇගට හොදය්ලුනෙ.

හිතුවත් වගෙ පැන්න ගමන් බෝලගෙඩිය මගේ බඩේ. කෙල්ල බඩේ කොල්ලා පපුව උඩ මන් බිම චප්පං වෙලා.

"අප්පා... මාවත් ගන්නකො... අප්පා හරි නරකය්.දන්නවනම් මන් මෙයාව ඉල්ලන්න හිතන්නෙවත් නෑ."

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now