Chap 21🔸

1.1K 261 2
                                    

"මිස්ටර් ජියෝන් බොන්සො, මිසිස් ජියෝන් ගාවෝල් ඝාතනය කිරීම හා මිස් ජියෝන් ජීසු ඝාතනයට තැත් කිරීම සම්බන්දයෙන් ඔබතුමාව අත්තඩංගුවට ගන්නවා!"

ජන්කුක් එහෙම්ම අඩියක් පස්සට තිබ්බෙ ඒ නම් වල මොකක්දෝ දැනුනු හුරු ගතියට.අජුම්මානම් දකුනතින් කට තද කරන් අඩන්න ගත්තා.

"මේ මොකද ඔෆිසර්. සාක්ශිවත් නැතුව මගෙ ගෙදෙට්ට මෙහෙම රින්ගන්න කලින් තමුන්ට දෙපාරක් හිතන්න තිබුනා. හහ්.."

කට කොනින් හිනාවකුත් දාගෙන පොලිස් ඔෆිසර් ලගට ගියපු බොන්සො ඒ කෙනාගෙ කොලර් එක දෙපැත්ත අතෙන් ගැසුවෙ පුපුරු ගහන ඇස් වලින් බලබල.

"ඔබතුමා අපිත් එක්ක දැන් ආවොත් හොදය්. මොකද මේ පාර කේස් එක ෆය්ල් කලේම ඔබතුමාගෙ දුව. මන් හිතනවා සාක්ශි ගැන මන් ඔබතුමාට වෙනම පැහැදිලි කරන්න ඕන වෙන එකක් නෑ කියලා...."

බොන්සොගෙ අතත් අල්ලලා පැත්තකට කරලා ඒ කෙනා මාංචු දාන්න පිටිපස්සෙන් හිටපු නිලධාරියාට අණ කලා.

"අනී!අනී! ඔයාලට වැරදිලා. මෙහෙම වෙන්නෙ කොහොමද!? නැනැ.. අනෙ බෙය්ක්. මෙයාලට කියන්නකො. අනෙ කුකි අප්පව ගෙනියන්න දෙන්න බෑ. එපා.. නවත්තන්නකො..."

හේවෝන් මග දිගට පැන පැන බොන්සොව නවත්තගන්න හැදුවෙ ජන්කුක්ටත් අතින් ඇද ඇද නවත්තන්න කියලා ඉල්ලන ගමන්.

බොන්සොගෙ ඉහ මොල රත් උනා මැරුනා කියපු දුව ඉන්නවා කියලා තේරෙද්දි.

මේ කිසි දෙයක් නවත්තන්නවත් කොල්ලට ඕන උනේ නෑ. බෙය්ක් අරගෙන වාහන ටික පිටත් වෙද්දි හේවෝන් අඩ අඩාම කොල්ලව බදා ගත්තා.

බිත්තියට හේත්තු වෙලා අජුම්මත් තාම  අඩනවා. අජුම්මා දිහත් බලලා හේවෝන් එක්කන් කොල්ලා ඇතුලට ආවා.

"ඔම්මා... ග්වෙන්චානා... කෝ බය වෙන්නෙපා. මින්ජුනුත් ගියානෙ අප්පා එක්කම. කෝ බය වෙන්නෙපා. අප්පා ආපහු ඉක්මනින් එය්. ඔම්මා ටිකක් නිදාගන්න දැන්. කෝ..."

මින්ජුන් බොන්සොගෙ දකුනු අත. ලෝයර් කෙනෙක් විදියට වැඩ කරපු මින්ජුන් තනිකරම බොන්සොගෙ මනුස්සයෙක්.

The Buried Love || JJK.(COMPLETED) *Editing*Where stories live. Discover now