OH MY SHAKIE-PART 01

2.7K 302 10
                                    

Oh my shakie
Part 01

🦋හා.........හ්

මගේ සුදුම සුදු BMW කාර් එක ඩ්‍රයිව් කරන ගමන් මන් එලියට අත දැම්මේ පහු වෙලා යන සෝල් වල සනීප හුලග අල්ලන්න වගේ............මේ හැගීම.............මේ දැනෙන නිදහස...............

කාර් එක මගෙයි ඔම්මගෙයි ලොකුම ලොකු අපාර්ට්මන්ට් එක ඉස්සරහා මන් නතර කරලා හදිස්සියෙන් වගේ ඇතුලට දිව්වේ අවුරුදු පහකින් දැක්කේ නැති මගේ ඔම්මගේ මූන බලන්න.........

🦋ඔම්මාආආ

කිචන් එකට වෙලා පිගන් වගයක් හෝද හෝද හිටිය මන් ඔම්මව පිටිපස්සෙන් ගිහින් බදාගත්තේ එයා බය වෙලා එයාගේ අතේ තිබ්බ පිගාන බිම වැටිලා කීතු වෙලා යද්දි.........වැටිච්ච පිගානට ඕන්නම් තනියම ආය කෑලි ටික සෙට් කරගන්න කියලා මන් පිගානටත් රවලා ආය ඔම්මව බදාගත්තා.

*යා ශාකී......ඔයා........ඔයා එනවා කියලා මට කිව්වෙවත් නෑ..........ශාකි මන් බය උනා

ඔම්මගේ ඇස් වල කදුලු.......එයා මාව එයාගෙන් ඈත් කරලා මගේ හිසේ ඉදන් දෙපතුල දක්වාම ඇස් යැව්වේ හරියට අවුරුදු පහකින් මොනවද මගේ වෙනස් වෙලා තියෙන්නේ කියලා බලන්න වගේ.

🦋යා ඔම්මා ඔහොම බලන්නේ ඇයි

මන් ඔම්මගෙන් ඈත් වෙලා කිචන් එකේ මේසේ උඩින්ම ඉදගත්තේ මේක මගේ ඉස්සර ඉදන්ම පුරුද්ද නිසා.

*ඔයා හරිම ලස්සන වෙලා.......මටත් වඩා උස ගිහින්

🦋ඔම්මා මන් මෙහෙන් යද්දිත් ඔයාට වඩා උසයි

මන් හිනා වෙවීම ඔම්මට කියාගෙන මේසෙන් බැහැලා දිව්වේ මගේ රූම් එක හොයාගෙන...........

🦋අනේ මගේ වස්තුව මන් ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද හිටියේ මගේ වස්තුව

මන් එහෙම කියාගෙනම මගේ හීල් එකවත් ගලවන්නේ නැතුව හතරගාතෙන්ම ඇදට වැටුනේ මේ ඇද නැතුව පිට රටකට වෙලා මන් හෙන හිතේ අමාරුවෙන් හිටිය එක මතක් වෙලා..........

මගේ හිත එක තැනක විනාඩියක් මට ඉන්න දෙන්නෙම නෑ.......මේ ගෙදර අස්සක් මුල්ලක් නෑර මන් කැමතිම තැන් එකින් එක මතක් වෙද්දි මට නිකන් ඇදට වෙලා ඉන්න හිතුනෙම නෑ........මන් නැගිටලා බැල්කනි එකට ගිහින් බැල්කනි එකට එන සනීප හුලග විදගන්න බැල්කනි එකේ වැටට බර වෙලා ඇස් දෙක පියා ගත්තේ මගේ මූනේ හීනි හිනාවක් ඇදෙද්දි..........

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now