OH MY SHAKIE -PART 16(END)

1.4K 297 90
                                    

#Oh_My_Shakie (end)
Part 16

මට ජින්ට සමුදෙන්න ඕනේ උනා...මන් සුගාගේ අවසරත් අරගෙන සුගා නින්දට ගියාට පස්සේ ජින්ගේ කාමරේට ගිහින් තට්ටු නොකරම දොර ඇරගෙන ඇතුලට ගියා.........කලුවරේ ජින්ගේ රූම් එකේ එල්ලලා තිබ්බ අගේ කුරුසේ දිලිසුනා..........වැස්ස හොදටම.......කාමරේ ලයිට් එකක්වත් දාලා නෑ......කලුවරේ උනත් ශාකි දැක්කා ජින් බැල්කනි එකට වෙලා ඉන්නවා.......එයා එතන තෙමෙනවා කියලා දැක්ක ශාකි ඉක්මනටම ජින් ගාවට ගියා....

ජින්ගේ මූනට වැටුනු පිනි බිදු නිසා ජින්ගේ ඇස් වල තිබුනු කදුලු කැට ටික ශාකි දැක්කේ නෑ...

🦋ජින් ඇතුලට එන්න තෙමෙනවා ඔයා

🐼ඔයා යන්න ශාකි මට මෙහෙම ඉන්න ඕනේ

ජින් ශාකි දිහා නොබලම කිව්වේ ජින්ගේ ඇස් වල කදුලු හන්ගන්න වගේ

🦋එනවද නැද්ද

ශාකි සැරෙන්ම අහද්දි ශාකිගේ වචනෙට කන්ට්‍රෝල් වෙලා ජින් ඇතුලට ඇවිත් ඇදේ ඉදගත්තා....ශාකි ටවල් එකක් අතට අරන් ජින් ඉස්සරහින් හිටගෙන ජින්ගේ කොන්ඩේ පිහන්න ගත්තත් හදුනාගන්න බැරි හැගීම් ගොන්නක් ශාකිගේ හිතේ හොල්මන් කරා......ශාකිට කෑ ගහලා කියන්න ඕනේ උනා හෙට මාලිගාවට යන්න ඕනේ නෑ මෙහේ එයාට ඉන්න ඕනේ කියලා.......ඒත් ශාකිට කරන්න පුලුවන් දෙයක් තිබ්බේ නෑ....ශාකි ජින්ගේ කොන්ඩේ පිහලා ඉවර වෙලා ජින් ලග දනගහගත්තේ ජින්ගේ අත් දෙක ඒ අත් දෙකෙන් අල්ලගන්න ගමන්.......ශාකි ජින්ගේ ඇස් දිහා කෙලින්ම බලද්දි ජින් ඒ ඇස් මගඇරියා

🦋ජින්

ශාකි ඇහෙන නෑහෙන් ගානට මිමිනුවා

🐼ම්ම්ම්

ඊට නොදෙවෙනි හීනි හඩකින් ජින් හූමිටි තිබ්බා.ශාකි තව ටිකක් ජින්ට ලන් උනා

🦋ජින් අහන්නකෝ සුගා මගේ මේට්නේ......ඉතින් මන් ශාපෙත් බිදලා අයින් කරානේ.........මන් වෙන කෙනෙක් කිස් කරොත් ඒක අවුලක්ද

ජින් ශාකි දිහාවට තියුනු බැල්මක් හෙලුවා

🐼තමන් ආදරේ කරන කෙනාට ඒක කොහොමත් කරන ලොකු වැරැද්දක් ශාකි.අපේ පරම්පරාවට විතරක් නෙවේ...

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now