OH MY SHAKIE-PART 05

1K 249 1
                                    

#Oh_My_Shakie
Part 05

🐱ඒත් නම්ජූන් සාමාන්‍ය කෙල්ලෙක් කොහොමද මගේ මේට් වෙන්නේ

🐨අවුරුදු ගානකට කලිනුත් එහෙම දෙයක් වෙලා තියනවා සුගා..සාමාන්‍ය කෙල්ලෙක් වැම්පයර් කින්ග්ගේ සහායිකාව වෙලා තියනවා.....එයාලගේ පරම්පරාවෙන් තමා අපි පැවතගෙන එන්නේ...ඒ නිසා මේ උන දේ පුදුමයක් නෙවේ.

🐼ආරක්ශකයා කිව්ව විදිහට වෛරක්කාරයා කවුද

🐱මටනම් යුන්මිව සැකයි.පොඩ්ඩක් හොයලා බලන්න ජිමින් මේ ගැන.අනික ශාකිට කරපු දේට මට ඌ මොකා උනත් මොන තත්වේ හිටියත් අදාලා නෑ මරණ එක මරනවාමයි

🐯සුගා කාම් ඩවුන්.අපි මේක විසදගමු

🐱කාම් ඩවුන් නෙවේ ශාකිගේ ඇගේ තියන තුවාල ටික දැක්කහම මට කරපු එකාගේ ඇගේ එක කෑල්ලක් ඉතුරු කරන්න හිතෙන්නේ නෑ

🐨ජින් ශාකිගේ ඇගේ කැලැල් මකන්න මුකුත්

🐼බලමු ජූනි මන් ට්‍රයි කරනවා.

🐨එක කැලලක්වත් තියෙන්නෙ බෑ

🐱ඒ ඇයි

🐨අපේ නීති අනුව වැම්පයර් කින්ග්ගේ ක්වීන් වෙන කෙනාගේ කිසිම කැලැලක් තියෙන්නෙ බෑ තමන්ගේ මේට්ව ලකුනු කරපු මාර්ක් එක ඇරෙන්න

🐱ෆකින් ලෝ

..............meanwhile shakie ............

මට තේරුනේ මගේ ඇගට මොකෙක් හරි පොල්ලකින් ගහලා වගේ හැගීමක්.....ඇස් පියන් අරින්නත් මට සෑහෙන අමාරු උනා........උන දේවල් එකින් එක මතක් වෙද්දි මගේ ඇස් වැහිලා තිබ්බත් කම්මුල දිගේ කදුලු ගලාගෙන ගියා....මගේ අතින් අල්ලගෙන හිටිය කෙනෙක් සුගාආ කියලා කෑ ගහගෙන ගියා මට ඇහුනත් මට ඇස් අරින්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ....ටිකකින් කවුරුහරි මගේ ලගින් ඉදගත්තේ මගේ ඔලුව අත ගාන ගමන්......ඒ සුගා.....එයාගේ සුවද මට අදුරගන්න පුලුවන්........

🐱ශාකි.......ඇයි අඩන්නේ......අමාරුද ඔයාට

සුගාගේ කටහඩ ඇහෙද්දි මට තවත් ඇස් වහගෙන ඉන්න ඕනේකමක් තිබ්බේ නෑ....ඒ නිසාම මන් අමාරුවෙන් ඇස් ඇරියා.......සුගාගේ ඇස් මගේ ඇස් දිහාම බලාගෙන ඉන්නවා..........මන් මගේ අත් දිහා බැලුවා......හැම තැනම තුවාල.....මන් කලබල උනා........කලබලෙන්ම මගේ ඇග හැම තැනම මන් බැලුවා....ඒ හැම තනකම තුවාල වෙලා.හැපුම් පාරවල්.........

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now