OH MY SHAKIE-PART 14

1K 232 2
                                    

#Oh_My_Shakie
Part 14

🐰බූ අපි යන්න ඕනේ...ඉක්මනටම යමු සුගා ලගට යන්න තව ටික දුරයි

කූකි මාව උස්සලා වගේ අරගෙන නැගිට්ටවලා ඉස්සරහට ඇදගෙන යද්දි මන් මලකදක් ගානට කූකිගේ පස්සෙන් ගියා.....ලිලීගේ හුරතල් හිනාව මට මැවිලා පෙනෙද්දි මගේ හිතේ දරාගන්න බැරි වේදනාවක් වගේම මාත් එක්කන්ම තරහකුත් ඇති උනේ මේ හැමදේම උනේ මගේ හිතුවක්කාරකම නිසා කියලා දන්න නිසාමයි....ගස් වල වැදි වැදී වැල් වල පැටලී පැටලී පැය ගාණක් සුගාව හොයපු ගමන ලේසි එකක්නම් උනේ නෑ....බැරිම තැන මන් ගහක් මුල ඉදගත්තා.මට ඒ තරම් මහන්සියි

🐼ශාකි ඇයි මහන්සිද

🦋හ්ම්ම්

අඩලා අඩලම මන් හිටියේ හෙම්බත් වෙලා වගේ....මට දැනුනේ මන් ගන්න හුස්ම මගේ පපුවේ ඇතුලටම යනවා වගේ....ඒ හැගීම මට ගොඩක් අමාරු එකක් උනා....මන් දනිස් දෙක නමලා දනිස් දෙක උඩින් ඔලුව තියාගත්තේ මහන්සි වැඩි කමට

🐴මන් වතුර ටිකක් හොයන් එන්නද

🐥එපා හොබියා ලිලීගේ වතුර එක මන් ගාව තියනවා

ජිමින් බෝතලයක් මගේ පැත්තට දික් කරද්දි මන් ඒ බෝතලේ වෙව්ලන අත් වලින් අල්ලගත්තේ තිබහා කෙසේ වෙතත් මගේ හිත ආයේම දුකින් පිරිලා යද්දී.....මටම හිතා ගන්න බෑ මෙච්චර කදුලු ගොඩක් කොහෙන් කගේ ඇස් වලට එනවද කියලා...කූකි මගේ ලගට ඇවිත් වතුර බෝතලේ ඇරගෙන ඇරලා ආයම මට දික් කරපු නිසා මන් වතුර උගුරක් ඒකෙන් බීවා...

🐨ශාකි අපි යමුද දැන්...වෙලා යන්න යන්න සුගාගේ තත්වේ අවුල් යනවා තව ටිකක්

නම්ජූන් කියද්දි මන් නැගිටලා ඉස්සරහට යන්න ගද්දි කූකි ඇවිත් මගේ අත අල්ලගෙන ඉස්සර උනා............

තවත් පැය භාගයක විතර දුශ්කර ගමනකින් පස්සේ අපිට සුගා හිටිය තැනට යන්න පුලුවන් උනා........තනි කලු ඇදගෙන ලොකු ගහක් මුල වැටිලා හිටිය සුගා මන් කලුවරේ උනත් හොදට දැක්කා..මන් ජිමින්ගේ මූන බලද්දි ජිමින් ඔලුව වැනුවේ ඒ ඉන්නේ සුගා බව තහවුරු කරලා....මන් හිමින් අඩි තියමින් එයා ගාවට යද්දි එයාගෙන් කෙදිරියක් පිට උන නිසා මන් කලබල උනා...මන් දුවගෙන වගේ එයා ගාවට ගියේ...මන් වැටිලා හිටිය සුගාගේ උරිස්සෙන් අත තිබ්බා..

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now