OH MY SHAKIE -PART 07

952 232 2
                                    

#Oh_My_Shakie
Part 07

ජින් සුගාව හරහට ගද්දි මන් දැක්කා සුගාගේ බෙල්ල කඩන් වැටෙනවා.

🐼යා සුගා.....සුගා ඇස් අරිනවා.....ටේ කූකියව බලපන් ඉක්මනට

ටේ මගේ ලග හිටිය කූකිව ඇතුලට අරන් යද්දි මන් එයාලගේ පස්සෙන් ගියේ නිකන් මැරුනු මිනිහෙක් ගානට.එක පැත්තකින් මන් පන වගේ ආදරේ කරන මගේ මල්ලි.අනිත් අතට මන් මේ වෙනකන් නොකිව්වත් මන් රහසින්ම ආදරේ කරන කෙනා.......

එයාලා ලගට ගියාට පස්සෙයි මන් දැක්කේ කූකිගේ අතක් කැපිලා....බුලට් එකකුත් වැදිලා තිබුනා බඩට....සුගාගේ පපුව හරහා ගැඹුරටම කැපිලා තිබුනා...ජින් සුගාගේ ලේ යන එක නවත්තන්න ට්‍රයි කරද්දි මන් කරේ හිටගෙන බලාගෙන හිටිය එක

🐼ශාකි.මේ ලෝකෙට එනවා දැන්වත්.කූකිට අමාරුයි පේන්නේ නැද්ද? ටූල්ස් තියනවනේ බුලට් එක එලියට ගන්නවා ඉක්මනට

මන් ජින්ගේ සද්දෙට ගැස්සුනා....මූනත් වතුර ටිකකින් තෙමාගෙන මන් මාවම සන්සුන් කරගත්තා.....ග්ලවුස් දෙකකුත් දාගෙන ජිමින්ව උදව්වට අඩගහගෙන මන් කූකිගේ බුලට් එක එලියට ගන්න ලෑස්ති උනා.

🐰ආආහ්

🦋ඉවසන්න කූකි..මන්.....මන් රිදවන්නේ නැ ඔයාට

මන් පුලුවන් තරම් හිමීට කූකිගේ බඩේ තිබ්බ බුලට් එක එලියට අරගෙන ඒකට මැහුම් දාලා අතේ කැපුම් පාර ගාව සර්ජිකල් දාලා සුද්ද කරලා බෙහෙත් දැම්මා.....

🦋හාහ්...ජිමිනා කූකිව රූම් එකට අරන් යන්න

ඒ වෙද්දිත් සුගාට බෙහෙත් දාලා...සිහිය නැතුව හිටිය එකා ඉදගෙන ඉන්නවා සෝෆා එකේ....මගේ ඔලුවේ ප්‍රශ්න දාහක් කැරකුනත් මේ කතා කරන්න වෙලාව නෙවේ නිසා කූකිගේ බඩේ තිබිලා අයින් කරපුබුලට් එකත් අරන් මන් රූම් එකට ඇවිත් දොර වහගත්තා.

.....................next day morning ............

මන් මුලු රෑම එලියට ආවේ නෑ.අඩුම රෑට කන්නවත්..ජින් ඇවිත් දොරට තුන් හතර පාරක්ම තට්ටු කරද්දි මට ඇහුනා සුගා කියනවා එයාට එහෙම ඉන්න දෙන්න කියලා.......හොදටම රෑ වෙලා නිදාගෙන ඉන්න කූකිවයි සුගාවයි බලලා ආය ඇවිත් ඇදට වැටුනා.....

OH MY SHAKIE || MIN YOONGI (completed )Where stories live. Discover now