❇️6ᵗʰ Episode❇️

296 72 5
                                    

ජින්ට ඔක්සිජන් දෙනවා හැම තැනින්ම බට ගහලා යූනීට නිකං පිස්සු වගේ යූනී ඇස් දෙකේ කදුලු පුරෝගෙන ජින් ලගට ගියා ඇදේ හාන්සි වෙලා සිහිය නැතුව හිටිය ජින් දිහා කදුලු පිරි ඇස්වලින් යූනී බලං හිටියෙ කිසි දෙයක් කතා නොකර

යූනී-: doctor එයාට ගොඩක් අමාරු ද

Doctor-: ටිකක් අමාරුයි මොකද එයාට හුස්ම ගන්න බැහැ ඔයා දැං එයාට කතා කරන්න මං එලියට යනවා
නර්ස් ඔයා එහායින් ඉන්න

Nurse-: Ok doctor

යූනී-: හරි doctor මං කතා කරන්නම් එතකොට එයාට සිහිය එයිද

Doctor-: අපි විශ්වාස කරනවා

Doctor යූනීට ජින් එක්ක කතා කරන්න කියලා එයා එලියට ගියා

යූනී-: ඔප්පා..... අනේ කතා කරන්නකො ඔයාගෙ යූනී ආවා 🥺 ඔප්පගෙ චණ්ඩි කෙල්ල ආවා අනේ.....නැගිටින්නකො ඔප්පගෙ මල්ලිලා ටික බලං ඉන්නවා ඔප්පා එනකම්

යූනී ජින් එක්ක කතා කරන්න ගත්තා ඒත් ජින්ගෙ කිසි වෙනසක් නෑ හරියට මළමිනියක් වගේ

ඔය කිසි දෙයක් තාම හනා දන්නෙ නෑ ඊයෙ රෑ වෙනකං වැඩ කරපු නිසා හනාට office යන්න පරක්කු උනා ඒ නිසා එයාට පෝන් එක බලන්න වෙලාවක් උනේ නෑ හනා tea time එක වෙලවෙ තමයි පෝන් එක බැලුවෙ යූනීගෙන් මිස්කෝල් ගොඩක් තියෙනවා හනා යූනීට කෝල් ගත්තා ඒත් වැඩක් උනේ නෑ යූනීගෙ පෝන් එක ඕෆ් හනා හොදට ම භය උනා එයා තමන් ගැනම පසුතැවෙනවා වැඩ ඇරුණු ගමන් හනා දිව්වෙ යුනීගෙ ගෙදර දොරවල් ඔක්කොම ලොක් කරලා ගෙදර කවුරුත් නෑ හනාගෙ බය එන්න එන්නම වැඩි වුණා යූනී ගැන අහන්නවත් කවුරුත් නෑ හනා යූනී එනකං ඉන්නවා කියලා හිතාගෙන මිදුලෙ තිබුන බංකුවෙන් වාඩි උනා

යූනි පැය දෙකක් තිස්සෙ ජින්ට කතා කරනවා ඒත් කිසි වෙනසක් නෑ අඩුම හෙල්ලෙන්නෙවත් නෑ යූනීට හොදට ම දුකයි යූනී වාඩි වෙලා හිටිය පුටුවෙන් නැගිට්ලා ජින්ගෙ නලලට කිස් එකක් දුන්නා යූනීගෙ කම්මුල් දිගේ බේරුණු කදුලු ජින්ගෙ ඇස්වලට වැටුනා ජින්ගෙ අත්වල පොඩි සෙලවීමක් උනා ඒත් ඒක යූනීවත් නර්ස්වත් දැක්කෙ නෑ ඒ අතරෙ doctor ඇවිත් යූනීට කිව්වා එලියට ඇවිත් ටිකක් විවේක ගන්න කියලා යූනී ජින්ගෙ ඔලුව අතගාලා එතනින් යනකොට ජින් එකපාරටම යූනීගෙ අතින් ඇල්ලුවා ඔව් ජින්ට සිහිය ඇවිත් යූනී ගැස්සිලා ගියා යූනී ජින් දිහා බලනකොට ජින් ලාවට ඇස් ඇරගෙන යූනි දිහා බලං ඉන්නවා යූනීට කියාගන්න බැරි තරං සතුටුයි ඇස්වලින් කදුලු බේරෙනවා යූනී doctorට කතා කරා doctor ඇවිත් ඉක්මනට ජින්ව චෙක් කරා

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now