❇️14ᵗʰ Episode❇️

236 51 11
                                    

පැයකින් විතර සද්දෙ නැවතුනේ යූනීට නින්ද ගිය නිසා............

පහුවදාට හනාව බලන්න එක්ක යනවා කියලා ජින් යූනීට පොරොන්දු උනා
.
.
.
.
@Minso house

හියුක් කෙලින්ම ගියේ මින්සොගෙ ගෙදරට ගෙදර දොර ඇරලා දාලා තිබුණා ඒත් කවුරුවත් පේන්න නං හිටියෙ නෑ හියුක් කෙලින්ම ගිහින් ඉස්සරහ තිබුණු සෝෆා එකෙන් වාඩි වුණා ඒ වෙලාවෙ kitchen එකේ ඉදන් පොඩි කෙල්ලෙක් (පොඩි කිව්වෙ සයිස් එකෙන් ඈ වයසින් නෙවෙයි) කෑම පිගානකුත් අරගෙන උඩට ගියා ඒ ගෑනු ළමය හියුක්ව ගනන් ගත්තෙවත් එයා දිහා බැලුවේ වත් නෑ කොණ්ඩෙ උඩට කරලා ගැට ගහගෙන පොඩි සාය කෑල්ලකුත් ඇදගෙන උඩ තට්ටුවට යන කෙල්ල දිහා හියුක් බලං හිටියෙ කෑදර බැල්මකින් තව වෙලා ඉන්නේ නැතුව හියුක් මින්සොගෙ නම කියල කෑ ගහන්න ගත්තා ඒ සද්දෙට මිනිසො ඇවිත් බැල්කනි එකෙන් පහල බැලුවා

ඩැඩා ඔයා😳 ඔයා එනවා කියලවත් කිව්වෙ නෑනෙ

මින්සො පඩිපෙල බැහැගෙන ඉක්මනට පහලට ආවා

ඇයි දැං මං එනවා කියලා උඹට කියන්නෙ මං උඹෙන් අවසර ගන්න ඕන ද

අයියෝ එහෙම නෙවෙයි ඩඩා මොකද්ද අනේ ඔයා ආපු ගමන් කේන්තියෙන් නෙ

කේන්ති තමා අරකිගෙ කට හොදට ම වැඩි වෙලා තියෙන්නේ මොකද තමුසෙ මං නැති ටිකේ කිසි දෙයක් කරලා නෑ වගේ ගෙවල් අස්සෙ කෙල්ලො දාගෙන හිටිය ම හරි

අනේ ඩඩා දැං දැං කාගෙ ද ඔය කට වැඩි වෙලා තියෙන්නේ

වෙන කාගෙ ද අර හනා කියන එකීගෙ මිසක්

අහ් ඒකි ද ඇයි ඩඩාට මොනාද කිව්වේ ඩඩාට එයාව හම්බුනා ද

හම්බුනා තමයි මට හොදවැයින් දෙකකුත් කියලා කනටත් ගහලා ගියේ ඕකි කොහොමත් ඕකි මගෙන් කන්න යන්නෙ

මොකද්ද ඩඩාගෙ කනට ගැහුවා මං ඕකිට......

හා හා උඹ හිටපං මං ඒකිව බලා ගන්නං උඹ මං කියපු වැඩේ කරපංකො

යුනීව දැං අල්ලන්න වෙන්නෑ ඩඩා කීයටවත්

ඇයි ඒ මොකෝ

ඒකිට කොල්ලෙක් ඉන්නවා දැං

මොකද්ද තමුසෙ කියන්නෙ

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Dove le storie prendono vita. Scoprilo ora