❇️15ᵗʰ Episode❇️

257 59 7
                                    

මගෙ හොද හනා😍😍❤️❤️❤️❤️ ......
.
.
.
හරි හරි මං market එකට ගිහින් එන්නං ඔයා ඉන්න

ඒ මොකටද 🙄 යන තැනක මාවත් එක්ක පල

මං ගිහින් එන්නංකො බඩු ටිකක් ගේන්න යන්නෙ ඔයා එන්න ඕන නෑ

හා හාකො 😒

අපෝ මූණ🤭

    යූනීව ගෙදර තනි කරලා හනා market එකට යන්න පිටත් වුණා ඒ යනකොට ජින් තාම එලියෙ හිටගෙන ඉන්නවා

අ මේ ඔප්පා මං market එකට යනවා යූනී ගෙදර තනියම පොඩ්ඩක් බලන්න

ආ හරි හනා මං බලන්නං

    හනා ගිහිං විනාඩි පහකට විතර පස්සේ ජින් දැක්කා ජන්ග්කුක්ගෙ කාර් එක එනවා ඒ නිසා එයා කාර් එක පැත්තට අත වනලා ගේ ඇතුලට ගියා.... ජන්ග්කුක් එනකොට ජින් සෝෆා එකේ ඉදගෙන ඉන්නවා ජන්ග්කුක් ආවෙ තනියම නෙවෙයි එයා එක්ක මින්සොත් හිටියා මින්සොව දැක්ක ගමන් ඕන කෙනෙක් හිතන්නෙ එයා මානසික ලෙඩෙක් කියලා මොකද වෙනදට කෙල්ලො වශී වෙන විදිහට අදින පලදින මින්සො අද එහෙම නෑ අවුල් වෙච්ච කොණ්ඩය රතු වෙච්ච ඇස් අඩලා කියලා කියන්න පුළුවන් වේලුනු කදුලු පාරවල් වලින් වෙනස් ම මින්සො කෙනෙක් නිරූපණය වෙලා තිබුණා ඒ කොහොම හිටියත් ජින්ට නම් එයාව අදුරගන්න බැරි උනේ නෑ තමන්ට බිම දාගෙන මතකෙ නැති වෙනකම්ම ගහපු එකාව කෙහොම අමතක වෙන්න ද මින්සොව දැක්ක ගමන් ජින් සෝෆා එකෙන් නැගිට්ටා ඒක උනේ ඉබේටමයි

ජන්ග්කුකා මූ මූ මොනාද ඔයා එක්ක කරන්නෙ

හියුන්ග් ඔයා මෙයාව අදුරනව ද

    ඔය වෙලාවෙ කුස්සියෙ ඉදන් ආවෙ යූනී යූනීට මින්සොව අදුරගන්න පුලුවන් උනේ නෑ එයා බිම බලං හිටිය නිසා

ඔප්පා මේ කවුද ඇයි මෙහෙට එක්කගෙන ආවෙ 🤔

       ඒ වෙලාවෙ මින්සො ඔලුව උස්සලා යූනී දිහා බැලුවා ජන්ග්කුක් හිටියෙ මින්සොව අල්ලගෙන යූනීව දැක්ක ගමන් මින්සො ජන්ග්කුක්ගෙ අත ගසලා දුවලා ගිහිං යූනීගෙ දෙපා මුල ඇද වැටුණා

මට සමාවෙන්න යූනී මට සමාවෙන්න මං දන්නවා අපි ඔයාට කලේ සමාව දෙන්න බැරි වරදක් කියලා ඒත් ඒත් පුලුවන් නං මට සමාවෙන්න මගෙ ඩඩා වෙනුවෙන් මට සමාවෙන්න මේ හැම දේකට ම මට සමාවෙන්න

𝐁𝐄𝐂𝐀𝐔𝐒𝐄 𝐎𝐅 𝐘𝐎𝐔 || 𝐊𝐒𝐉 || [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃✓]Where stories live. Discover now