KILL ME_PART 03

1.6K 400 5
                                    

#KILL_ME
PART 03

කොච්චර හිත හයිය උනත් මන් ඉන්නේ ගිනි ගොඩක් උඩ වගේ.....මගේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා කියන්න ශුවර් නෑ....ඒ තරමටම මන් අවදානම් වැඩ කරන්නේ.

දවසින් දවස ගෙවිලා යද්දි මන් ජින්ට උපරිම ලන් උනා.ඒ වගේම මේ දවස් දෙක තුන තුල මට මෙයාලගේ ඇත්ත ස්වරූපේ හොයාගන්න පුලුවන් උනා..මෙයාලා මාෆියා වැඩ කරනවා තමා....මට වෙලාවකට ඇහෙනවා මෙයාලා මාෆියා ගැන කතා කරන ඒවා...ඒත් මෙයාලගේ හිත් ඊට හාත්පසම වෙනස්..ඉක්මනට උනු වෙනවා....ඊටත් වඩා මෙයාලා අතර තියන බැදීම...ඒක මාරම ස්ට්‍රෝන්ග්.....එයාලා එක කුස ඉපදුන අය නොවුනත් එයාලා ඊටත් වඩා ආදරෙන් ඉන්නවා කියලා මේ දවස් දෙක තුනට මට තේරුනා.....

මන් හිටියේ මේ යක්ශ පැටව් ටික අනිත් පැත්ත හරවපු ගේ අස් කරන ගමන්.

🐼ටෙරා අපි යනවා ගමනක්.ඔයා ඔය ටික කරලා ඉවර වෙලා මාර්කට් එකට ගිහින් බඩු අරන් එන්න.මේසේ උඩ සල්ලි තියනවා

*හරි ජින්

ජින් හිනාවකුත් එක්කන් කියලා හැමෝම එලියට යද්දි මට මෙයාලා යන්නේ මොකක්මහරි මාෆියා වැඩකට කියලා අමුතුවෙන් කියන්න ඕනේ උනේ නෑ....එයාලා වාහන අරගෙන ගිය ගමන්ම මන් කරේ ඩෝ එක ලොක් කරපු එක....මගේ ඇස් හරිනම් මේ ඩෝර්ම් එක ඇතුලේ එක කැම් එකක්වත් නෑ...මන් ඉක්මනටම මගේ කාමරේට දිව්වා.

මාර්කට් ගිහින් එද්දි නිම්ට කියලා ගෙන්නගත්තු චූටි කැමරා ටික අරගෙන මන් එලියට ආවේ හිනාවකුත් එක්කන්............සාලේ එකක් සෙට් කරා...ඊට පස්සේ මන් ගියේ එයාලා ඕනේ වෙලාවක කතා කරන්න යන රූම් එකට.මන් හිතන්නේ ඒක තමා එයාලගේ මීටින්ග් රූම් එක....ඒකේ මේසේ උඩ තිබ්බ පෑනක් ගලවලා ඒක ඇතුලට චූටි මයික් එකක් දාලා කැම් එක මුලු රූම් එකම පේන තැනක හයි කරා.

කලින් දවසේ උඩ රූම්ස් වල යතුරු මන් ජින්ට හොරෙන්ම ගත්තා...මොකද ජින් මේ රූම්ස් අස් කරන නිසා එයා ලග එක්ස්ට්‍රා කී තියනවා කියලා මන් කලින් ඉදන්ම දැනන් හිටියා....කොයි වෙලාවක හරි මට ඔය රූම්ස් වලට යන්න වෙලාවක් එනවා කියලා දන්න නිසා මන් යතුරු අරගත්තා

මන් ඉස්සෙල්ලම ගියේ එතනින් තිබ්බ පලවෙනි රූම් එකට..ඒකේ ගහලා තිබ්බ ලොකු ෆොටෝ එක නිසා මට ඒක සුගාගේ රූම් එක කියලා අදුරගන්න අපහසු උනේ නෑ...ඒකටත් කලින් වගේම මයික් එකකුයි කැම් එකකුයි සෙට් කරලා මන් දොරත් වහලා එලියට ආවේ ඇතුලේ ඉන්න එක විනාඩිය පවා අවදානම් නිසා........අනිත් කාමරේ ජිමින්ගේ....ඒ කාමරේ මාර සුවදයි.සැක හිතෙන කිසිම දෙයක් නෑ.ඒ වෙනුවට ඊයේ රෑ ඉවර කරපු බියර් බෝතලයක් තිබ්බා...ඒකෙන් මන් ආවේ අනිත් රූම් එකට

KILL ME ||JK(Completed) Where stories live. Discover now