KILL ME_PART 04

1.6K 382 5
                                    

#KILL_ME
PART 04

🐱මන් උබලට දෙයක් කියන්නද මට හිතෙනවා වෙලාවකට කූකියා හොදට මට්ටු වෙනවා කියලා ටෙරාගෙන්

🐴ටෙරා අමුතුයි.බලමුකෝ අපිත් කූකියා එක්කන්නේ ඉන්නේ

....................AFTER 01 MONTH..............

දවසින් දවස ගෙවිලා යද්දි මට කූකිගේ ගැන්ග් එකේ ඔක්කොම තොරතුරු ටික හොයාගන්න පුලුවන් උනා....ඒත් මන් NIS එකට දුන්නේ කූකිගේ තොරතුරු විතරයි....ඒකට හේතුවක් තිබුනා.කූකිගේ දවසින් දවස වෙනස් වෙන හැසිරීම ඒ තීරණ ඉක්මන් කරන්න හේතුවක් උනා

මේ වෙද්දි කූකි මට මන් කූකිට ගොඩක් ආදරේ කරනවා....අපි දෙන්නගේ ආදරේ එලියට ආවේ එදා රෑ ක්ලබ් එකේදී උන සිදුවීම නිසා.

..................BEFORE 01 MONTH............

අපි හැමෝම ක්ලබ් එකට ගියා....මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා ඇයි මාව එක්කන් ආවේ කියලා.මන් ජින්ගෙන් කීප වතාවක්ම ඒ ගැන ඇහුවත් මට කිව්වේ නෑ කවුරුත්ම..........කාර් පාර්ක් එකට වෙලා අපි හැමෝම හිටියේ කූකි එනකන්...ඒකත් මට කවුරුත් කිව්වේ නෑ මෙයාලා කතා කරනවා ඇහුනා.මගේ ඇග රත් වෙලා තිබ්බේ අදුරන මොකෙක් හරි ඇවිත් වැඩේ කයි කියලා.මගේ වෙලාවට විනාඩි දහයක් විතර යද්දි කූකි ආවා....

🐰මේ උබලා ඔතනම හිටපන් විනාඩි දහයක්.මන් ඉක්මනට එන්නම්

කූකි කාගෙවත් උත්තරයක් ලැබෙනකන් ඉන්නේ නැතුව මාවත් ඇදගෙන දිව්වා.

🦋කූ........කූකි........හිමින් යන්නකෝ මන්.......මන් වැටෙයි

මට කතා කරගන්නවත් පනක් තිබ්බේ නෑ...ඒ මදිවට මන් දිගට දිගේ ගවුමකුත් ඇදගෙන.ඒකත් උස්සගෙන දිව්වේ.කූකි නැවතුනේ ශොපින්ග් මෝල් එකක් ඉස්සරහා...

🐰ඔතනම ඉන්නවා

කූකි කියන ගමන් ඇතුලට ගියා.මට මහන්සි නිසාම මන් එතන තිබ්බ සෝෆා එකෙන් ඉදගෙන මහන්සි ඇරියා.

විනාඩි දහයක් විතර යද්දි කූකි ආවේ හීල්ස් දෙකකුයි ඇදුම් වගේකුයි අතේ තියාගෙන.

🐰එන්න යන්න

මන් කොහෙද යන්නේ කියලා ඇහුවේ නෑ.අහලා වැඩක් නෑ කියන්නේ නෑනේ මේ මනුස්සයා .මන් පස්සෙන් ඇවිදගෙන ගියා....එයා ෆිටෝන් රූම් එක මට ඇස් වලින් පෙන්නලා ඇදුම් ටික අතට දීලා ඉදගද්දි මන් ඒකත් අරගෙන ෆිටෝන් එක ඇතුලට ගියා.

KILL ME ||JK(Completed) Where stories live. Discover now