KILL ME-PART 18

1.5K 341 20
                                    

#KILL_ME
PART 18

දවස් දෙක තුන ගත වෙද්දි හැමෝම වෙඩින්ග් එකට ලෑස්ති උනා...

මුලු අපාර්ට්මන්ට් එකම තනිකර පිස්සු වාට්ටුවක් වගේ තිබ්බේ.........ඇදුම් තෝරන්න ගිහින්ම පුදුම වලි ගොඩක්......වැඩියෙන්ම ජිමිනුයි එවායි 😂

🐥යා තමුසෙට ඕන්නම් ඕක ඇදගන්නවා මට බෑ ඕක අදින්න තාරාවෙක් වගේ

🌿තමුසේ කොහොමත් තාරාවෙක් තමා.ගිහින් ට්‍රයි කරනවා ගුටි නොකා

ජිමින් මූනත් දෙක කරගෙන ෆිටෝන් එකට යන දිහා බලාගෙන හොබීටයි සුගාටයි හොදටම හිනා.......ජින් මීක් සද්දයක් නෑ යූනා එක්කන් කියව කියව ඇදුම් තෝරනවා.......

ටෙරා හෝ ගාලා ඇදුම් තෝරද්දි කූකි පුටුවකට වෙලා ඉදගෙන ඉද්දි එතනට ආවේ හුරුපුරුදු කෙල්ලෙක්........ඔව්......ඒ ඉන්දියන් කෙල්ල....

ටෙරා ඇදුම් තෝරන එක පැත්තක කියලා කූකි ගාවට යන්න යද්දි ජින් ටෙරාව නැවැත්තුවේ බැරි වෙලාවත් ඒ කෙල්ල කූකි එක්කන් එකතු වෙලා ටෙරාව බය කරන්න බන්ධනයක් කරා කියලා ටෙරා දැනගත්තොත් ආයේම කූකි එක්කන් ප්‍රශ්නයක් දාගයි කියලා බයට

....................past...................

ජින් කූකි ජිමින් තුන් දෙනා ගියේ ඒ ඉන්දියන් කෙල්ල හම්බෙන්න.........කූකිට ඕනේ උනේ ටෙරාට කරපු බන්ධනේ අයින් කරන්න

කූකි දැක්ක ගමන් ඒ කෙල්ල කූකිගේ ඇගේ එල්ලෙන්න ආවත් කූකි කෙල්ලව ප්‍රතිකේෂ්ප කරා...

🐰මන් ආවේ වැදගත් වැඩකට...මට ඕනේ ටෙරාට දැම්ම බන්ධනේ කඩන්න

*ඒ මොකටද කූකි? පිස්සුද? ඇයි මරන්නේ නැද්ද

කූකිට ඒකට තරහා ගියා...කූකි ඒ කෙල්ලගේ බෙල්ලෙන්ම තද කරලා ඇල්ලුවා

🐰උබට මන් කීයටවත් කිව්වේ නෑ මගේ කෙල්ලව මරන්න කියලා.මන් කිව්වේ බය කරන්න කියලා.උබ නිසා අන්තිමේ අපි ගියේ නැත්තන් අපේ කෙල්ලෝ දෙන්නා අපිට නැති වෙනවා.. ඒ බන්ධනේ කඩපන්

කූකිගේ බල කිරිල්ලටම කෙල්ල බය වෙලා බන්ධනේ කඩලා දැම්මා....කූකි එයාගේ පිස්ටල් එක එලියට ගද්දි ජින් හිනා උනා මිසක් කූකිව නවත්තන්න ගියේ නෑ

KILL ME ||JK(Completed) Where stories live. Discover now