KILL ME-PART 12

1.5K 358 4
                                    

#KILL_ME
PART 12

ජින් යූනා එක්කන් ජින්ගේ රූම් එකට ආවේ යූනාට කලින් දවසේ සලකපු විදිහ වැරදියි කියලා තේරුන නිසා.......ජින් තත්වේ තේරුම් අරගෙන යූනාගෙන් සමාව ඉල්ලුවා.

🐼මියානේ යූනා.......මන්.......මන් මගේ මල්ලි ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා කියලා දැනගෙන හිටියේ නෑ.කුමාවෝ යූනා

ජින් අඩ අඩම ඇදේ ඉදගද්දි යූනා ජින්ගේ එහා පැත්තෙන් ඉදගෙන ජින්ව තමන්ගේ උරහිසට තුරුල් කරගත්තේ ඕනේ තරම් අඩන්න කියන්න වගේ........ජින්ගේ දුක තුනී වෙලා යනකන් ජින් යූනා ගාවට වෙලා ඇඩුවා.........

ජින් තේරුම් ගත්තත් ජිමින් එහෙම උනේ නෑ........ජිමින් හිටියේ සෑහෙන තරහකින්.......ඒ නිසාම ජිමින් එවාව මග ඇරලා ගාඩ්න් එකට ආවත් එවා ජිමින් පස්සෙන්ම ආවා.

🌿ජිමිනා........මන් කරේ වැරැද්දක්ද අහ්?

එවා ටිකක් තරහෙන්ම ඇහුවේ මෙච්චර උදව්වක් කරලත් ජිමින්ගේ මේ හැසිරීමට එයාගේ හිත රිදුන නිසා.

🐥මගෙන් මැරුම් නොකා මෙතනින් යනවා එවා

ජිමින් එවාගේ මූනවත් බැලුවේ නෑ.....හැමදාම වගේ ජිමින්ගේ මේ හැසීරීමට එවා බය උනත් අද එවාට හිතුනේ නෑ පසුබහින්න.....

🌿ජිමින් හොදටම ඇති මේක දැන්.ඔයාට මාත් එක්කන් ඉන්න බැරිනම් කියන්න මන් යන්නම්.මොන වදයක්ද මේ.

🐥ඔයාට දැන් මන් වදයක්ද එවා

🌿එහෙම නෙවේ ජිමින්.මන් ඔයාලට උදව්වක් කරේ.....එහෙම එකේ ඔයා ඇයි මාත් එක්කන් ඔහොම හැසිරෙන්නේ

ජිමින් එවා ගාවට ගිහින් එවාගේ උරහිස් වලින් ඇල්ලුවේ රිදෙන්නමයි

🌿ආව් ජිමින් රිදෙනවා මට

🐥අහනවා එවා.මන් කැමති නෑ තමුසේ මැර කෙල්ලෙක් වෙනවට.මට ඕනේ කොලේජ් ගිය කාලේ හිටිය අහින්සක දග කෙල්ල.තමුසේ මේ වැඩ වලින් දැන්ම ඈත් වෙනවා.ඔව් මන් අන්ඩර්වර්ල්ඩ් තමා.එහෙම කියලා මගේ ගෑණි ඒ වැඩ කරන්න ඕනේ නෑ.අන්න ඒක මතක තියාගන්නවා

🌿හරි ජිමින් ආය එහෙම වෙන්නේ නෑ

ජිමින් එවාගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඉද්දි එවාගේ ඇස් වලට කදුලු පිරුනා......ජිමින් ඒ කදුලු එයාගේ අත් වලින්ම පිහලා දැම්මා

KILL ME ||JK(Completed) Where stories live. Discover now