THE PRESIDENT GIRL-PART 02

1.1K 273 29
                                    

PRESIDENT GIRL
PART 02

හොබී ලොකුම ලොකු බිල්ඩින්ග් එකේ තුන් වෙනි තට්ටුවට ආවේ කලබලෙන්......රූම් එකක් ඉස්සරහා හිටගත්ත හොබී වට පිට බලලා එයාගේ ෆෝන් එකෙන් මැසේජ් එකක් දාන පමාවට ඒ රූම් එකේ දොර ඇරුනා...හොබි රූම් එකට ගිහින් දොර වහගත්තේ වටපිට ගැන හොද අවදානෙන්

එතන හිටියේ විපක්ශයේ හිටිය බලවත් ඇමති කෙනෙක්...වයස පනහක් හැටක් උන ඒ මනුස්සයාට එයාගේ දෙපැත්තේ හිටිය ජිමින්ගෙනුයි සුගාගෙනුයි බේරෙන්නනම් බැරි උනා....මිනිහා ඇදේ ඉදගස්සවලා තිබ්බා පූස් පැටියෙක් ගානට

❤️හොහ් දැන් නම් පූසා වගේ නේහ්

👿හොබී උබලා වැරදි මිනිහා එක්කන් හැප්පෙන්නේ

🐥මුගේ සද්දේ යකෝ

හොබී එයාගේ නිකට අත ගාන ගමන් ඒ මනුස්සයා පැත්තට ඇවිදගෙන ගියේ වියරු හිනාවක් කට කොනකට ගන්න ගමන්..හොබී ගිහින් ඒ මිනිහගේ කොන්ඩෙන් අල්ලගත්තා...අල්ලගෙන ඒ මූනට ලන් උනේ එක කකුලක් ඇද උඩින් තියාගන්න ගමන්

❤️උබ තමා වැරදි කෙනා එක්කන් හැප්පෙන්න යන්නේ..අපි එක්කන් හැප්පිලා දිනපු එකෙක් මේ කොහෙවත් නෑ.ඒ නිසා කට පියාගෙන ලිලීට ප්‍රසිඩන්ට් වෙන එකට උදව් කරපන්.නැත්තන්

මිනිහා හොබීගේ ගැඹුරු දරුණු කටහඩට බය උනා...ඒ වගේම හොබීගේ දෙපැත්තෙන් හිටගෙන ගන් එකත් අතේ තියාගෙන කලු ඇදලා ඉන්න ජිමින් සුගා දකිද්දි මනුස්සයාට කෙල ගිලින්නත් අමතක උනා.

කොච්චර දේශපාල බලය මැර බලය තිබුනත් මිනිහා මේ වෙලාවේ තනියම නිසා මිනිහා බය උනා.

හොබී ඒ මනුස්සයගේ කොන්ඩෙන් අල්ලගෙනම ඒ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඉන්න ගමන් ජිමින්ගේ පැත්තට අත දික් කරද්දි ජිමින් එයාගේ ගන් එක හොබීගේ අත උඩින් තිබ්බා....

හොබී ගන් එක ඇගිලි අතර කරකන ගමන් මිනිහගේ කන ගාවට ලන් කරා

❤️ලිලී ප්‍රසිඩන්ට් වෙන එකට අද උබ මීටින්ග් එක මැද විරුද්ධ උනොත් උබ මෙතනින් එලියට යන්නේ නෑ හරි.ඒක උබ හොදට ඔලුවට දාගනින්

හොබී ඒ මිනිහගේ කොන්ඩෙන් අතෑරලා ගන් එක ජිමින්ට දීලා කොන්ඩේ හදාගත්තා...

THE PRESIDENT GIRL||JH  (Completed)Where stories live. Discover now