THE PRESIDENT GIRL -පසුවදන

1.2K 249 92
                                    

#THEPRESIDENTGIRL
#පසුවදන

කෙනෙක් ආදරයෙන් සැනසෙනවා...තව කෙනෙක් ඒ අකුරු තුනේ ආදරේ නිසාම වේදනා විදිනවා......ජීවිතේ ඒ..... දෛවය ඒ............

කතාව.....THE PRESIDENT GIRL....මේක මන් පටන් ගද්දිම කිව්වා MY CEO එකේ දෙවනි කොටස නෙවේ කියලා...මොකද මට ඕනේ උනේ හොබීගේ FF එකක් ලියන්න..හැමෝම දකින හොබීව නෙවේ...වෙනස් හොබී කෙනෙක්ව ගොඩනගන්න....ඒ නිසා මන් හොබීව නපුරු කෙනෙක් කරත් එයාගේ චරිතේ නපුරු කෙනෙක් උනාද මන් දන්නේ නෑ.....ඒකට හේතුව යොවා ලිලී.....ආදරේට කෙනෙක් වෙනස් කරන්න පුලුවන් හොද අතට වගේම නරක අතටත්......මන් කියන්නේ නෑ ආදරේ නිසා හොබී නරක අතට වෙනස් උනා කියලා....ඒ උනත් ආදරයක් ඇතුලේ තියන වේදනාව මන් සාර්තකව අකුරු කරන්න ඇති ඒ චරිත තුන ඇතුලේ......කියලා මන් හිතනවා හොදේ.....

එතකොට මේන් රෝල් එක හොබී උනත් හැමෝම කතා කරපු ජිමින්ගේ ඒකපාර්ශ්වික ආදරේ.....මන් ආසාවෙන් වගේම ලොකු වේදනාවකින් ගොඩ නැගුව චරිත දෙකක්....කෙනෙක්ට එහෙම ආදරේ කරන්න පුලුවන්ද? ඔව් පුලුවන්...ඒකට පිරිසිදු ලේ දුවන පිරිසිදු හදවතක් තියෙන්න ඕනේ........එහෙම තියෙන කෙනෙක් තමන්ගේ හදවත කෙනෙක්ට ලිව්වට පස්සේ ආය ඒක ගැන දෙපාරක් හිතන්නේ නෑ.....මේ ලෝකේ තාමත් ඒ වගේ පින්කාර හදවත් තියන අය එක්කෙනෙක් දෙන්නෙක් හරි ඉතුරු වෙලා ඇති.........මට ඕනේ උනේ ඒකපාර්ශ්වික ආදරයේ වටිනාකම පෙන්නන...ඒ වේදනාව පෙන්නන්න...

ආදරයයි රාගයයි වෙන් කරගන්න බැරි ලෝකෙක කතාවෙන් හරි මට ඕනේ උනා ඔයාලට ඒක දෙන්න...මන් දන්නෙ නෑ මන් සාර්තකයිද කියලා.......මන් කතාවට 18+ 21+ දැම්මේ නෑ...මොකද කතාවක් කියන්නේ කතාවක්.....ඒක ඇතුලේ තියෙන්න ඕනේ හරි ලස්සන චිත්‍රයක්....රසවින්දනයක් දෙන්න රාගය ඕනේ නෑ........ඒක මන් ඔප්පු කරා..........

එතකොට ගොඩක් අය කිව්වා පසුවදනෙන් හොබී ලිලීව එකතු කරන්න කියලා....නෑ එහෙම කරොත් මන් කොහොමද හොබීගේ ආදරේට වටිනාකමක් දෙන්නේ....ඒ වගේ ආදරයක් ලබන්න ලොකු පිනක් තියෙන්න ඕනේ පැටව්.. එහෙම පින්කාර ආදරයක් තියන අයට කිසිම කරදරයක් වෙන්න එපා කියලත් තවමත් පින්කාර ආදරයක් හමු නොවූ අයට පිංකාර හදවතක් හම්බෙන්න කියලත් මන් ප්‍රාර්තනා කරනවා...

දන්නවා බලාපොරොත්තු උනේ නෑ ඔයාලා සෑඩ් එන්ඩින් එකක්......ඒත් මට කියන්න ඕනේ උනේ ඇත්තටම අවංකවම ආදරේ කරන අය ඒ ආදරේ වෙනුවෙන් ජීවිත කාලේම කැප කරනවා කියලා......ඒ වගේම ජීවිතේ රෝස මල් අතුරපු මල් යහනක් නෙවේ...ඒක හරිම කටුකයි...දුකඛිතයි......නින්දිතයි....ඒ ජීවිතේම වෙලාවකට සතුටක් සැනසීමක්......ප්‍රශංසාවක්......හැම කතාවක්ම සතුටින් ඉවර වෙන්නේ නෑ...වේදනාවෙන් පිරුණු කතා මේ ලෝකේ කොතෙකුත් ඇති...අපි අතරත් ඇති...❤️ හරියට ජිමින් කෙලන් වගේ.........හොබී ලිලී වගේ........කූකි ලිලී වගේ............

සමහර හදවත් තියනවා රාගයට ආදරේ කියලා නමක් දාගෙන ආදරේ කියන පිරිසිදු අකුරු ටික විකුනන් කන .......ඒත් තවත් හදවත් තියනවා තඹ සතේක දෙයක් බලාපොරොත්තු නොවී තමන් ආදරේ කරන හදවත හරි ලස්සනට මලක් වගේ පරිස්සම් කරන........හරියට ජින් එමී වගේ........හොබී යොවා වගේ...........

ඉතින් බොරු ආදරේකට රැවටෙන්න එපා...මේ ලෝකේ අවංක හදවත් හරි හිගයි මිත්‍රයා..

අවසාන වශයෙන් මාත් එක්කන් මේ වෙනකන් කමෙන්ට් කරපු ලයික් කරපු හැමෝටම ගොඩාආආආආආක් ස්තූතියි.....මගේ පොඩි උන් සෙට් එක...හොදට ඉගෙනගන්න........දවසක MICROKOSMOS එකට තාලෙට කොන්සර්ට් එක්ක අපි හැමෝම වැනෙමු❤️.....මගේ මාෆියා රීඩර් පැටව් ටිකගේ අනාගතේ අපේ කොල්ලෝ ටිකගේ වගේම දියුණු වෙන්න ඕනේ.....❤️

ඉතින් ප්‍රේමයේ නාමයෙන් ලද වේදනා විදිමින් දැනටත් විදවන පිච්චෙන සියලු හදවත් සුවපත් වන්නට අනෝරා වැසි වැටේවා !!!

අලුත් කතාව අරන් මාස තුනකින් එන්නම්....එතකන් හැමෝම පරිස්සම් වෙලා ඉන්න...STAY SAFE WEAR YOUR MASK

මන් ඔයාලගේ මාෆියා ඕතර්

MAFIA KOVE / NIS / MY CEO / OH MY SHAKIE / KILL ME / THE PRESIDENT GIRL ❤️💜️

සරන්හේ💙💙💙💙

THE PRESIDENT GIRL||JH  (Completed)Where stories live. Discover now