THE PRESIDENT GIRL-PART 10

959 234 52
                                    

#THEPRESIDENTGIRL
PART 10

*බොස්.....බොස්........බොස්

උදේ පාන්දර ඉදන් දොරට කලබලෙන්ම කවුදෝ ගහනවා ඇහිලා ජින් වගේම එමීත් පහලට දුවගෙන එද්දි ඒ සද්දෙට හොබීත් නැගිටලා දුවගෙන ඇවිත් දොර ඇරියා

🐥ඇයි

❤️නූරා මොකද මේ

නූරා කියන්නේ ඒලියන්ස්ලාගේ කෙනෙක්..එයාලා මෙහෙම හේතුවක් නැතුව කලබල වෙන්නේ නෑ කියලා හැමෝම දැනගෙන හිටියා...

🐰නූරා මොකද මේ හැමෝම හොදින්ද

කූකිත් කලබලෙන්ම ඇවිත් ඇහුවේ කකුල් දෙකටත් අත් දෙක තියාගෙන හති අරින කෙල්ල දිහා බලලා

*වහ.........වහ.........වහ දීලා.....පන..........අදිනවා.....

🐼මොකක් කාටද කවුද

ජින් කලබලෙන්ම එලියට යද්දි පිස්සුවෙන් වගේ අරෙහෙට මෙහෙට දුවන ෆයිටර්ස්ලා නිසා ජින් තවත් කලබල උනා

🦋මො.........මොකද..............

🐰නූරා මොකද්ද උනේ කියනවා

කූකිගේ සද්දෙට ඒලියන් ගැස්සුනා

*සර්......සර්.....ටයිගර්ස්ලට වහ දීලා....නෙ.....නෙමෝලටත්

🐰අයිශ් ශිට්

කූකි පිස්සුවෙන් වගේ ඒ නෙමෝලා ඉන්න පැත්තට දුවද්දි අනිත් හැමෝමත් ඒ පැත්තට දිව්වේ කලබලෙන්

හැමෝටම සත්තු ටික හිටිය පැත්ත තනිකරම මලගෙයක් වගේ පෙනුනේ...ඊගල් ගර්ල්ස්ලා තමන්ගේ ඊගල් මලානිකව අතේ තියන් ඉන්නවා දකිද්දි එමීට මතක් උනේ එයාගේ බ්ලැක් පැන්තර්ව.....එමී ඒ පැත්තට ඇවිදගෙන යද්දි දැක්කේ....නෙමෝලා.......

🐱මොකා උනත් කරපු එකාව මන් වහ දීලා මරනවා යකෝ...මන් ඕකව මරනවා...දුන්න එකාට තිබ්බා අපිට වහ දෙන්න කාලකන්නි තොපි මගේ නෙමෝලා😭😭😭😭😭😭

කවදාවත් නැතුව සුගා බිම ඉදගෙනම අඩනවා දැකලා මගේ ඇස් වලට කදුලු ඉනුවා....මන් හැමදාම නෙමෝලට බය උනා.......ඒත් මට අද උඩ පාවෙවී ඉන්න නෙමෝලා දෙන්නා දැකලා මගේ ඇස් වලට කදුලු පිරුනේ ඉකියකුත් එක්කන්ම.......ඒත් එක්කන්ම මන් දැක්කේ තාමත් පන තියන ඒත් අමාරුවෙන් ඉන්න අනිත් නෙමෝව...මන් සුගා ගාවට දිව්වේ එයාව හරි බේරගන්න

THE PRESIDENT GIRL||JH  (Completed)Where stories live. Discover now