💜️ADRIFT INTRODUCTION💜️

453 42 34
                                    

ADRIFT,

හලෝ ළමයී..!

කොහොමද ඉතින් ඔයාලට..?
හැමෝම හොඳින් පරිස්සමින් ඇති කියලා හිතනවා.
මේ මගේ දෙවනි fan fiction එක.
ඇත්තටම මම fan fictions ලියන්න තීරණේ කරද්දි හිතේ තිබ්බෙ SHINee සිංහල fan fictions ලියන්න.
ඒත් මම ලියන්න පටන් ගත්තා කිව්වම ගොඩක් අය 2nd fiction එක BTS එකක් දෙන්න කියලා request කරපු නිසා තමයි මේක BTS එකක් කළේ.
නැත්නම් මම මේකත් SHINee එකක් විදියට තමා ලියන්නේ.
ඒත් ගොඩක් අය කීව නිසා ඔන්න ඔයාලට BTS fan fiction එකක් ADRIFT  කියන නමින් හම්බෙනවා.

මේක ගැන මම ඉස්සෙල්ලම කිව්වා ඔයාලට මගේ පළවෙනි fiction එක "The Beginning" එකේ මැදදි.
කතාවෙ නම, නමේ තේරුම වගේම චරිත ගැනත් මම ඒකෙදි පොඩි විස්තරයක් කළා.
ඒත් අදම මේක කියවන කෙනෙක් ඉන්නවනම් කියලා මම ආයෙම ඒ කරුණු තවත් විස්තර ඇතුව මෙතනත් කියන්නම්.

මේ කතාව Nam Joon එහෙම නැත්නම් අපේ RM based fiction එකක්.
කතාවෙ නම "ADRIFT".
මේ නමින් RMගෙ solo එකක් තියනවා. ඉතින් මම මේ නම තෝරගත්තේ ඒක RMට සම්බන්ධයි වගේම කතාවෙ අන්තර්ගතයටත් ගැලපෙන නිසා.

ADRIFT  කියන එකේ තේරුම තමයි, "හබලක් නොමැතිව ඔහේ පාවී යාම" කියන එක. සරලව කිව්වොත් "තනිකම" කියලා හඳුන්වන්නත් පුළුවන්.

කතාවෙ අවසානය ගැන කියනවනම්, කතාව පටන් ගන්නත් කලින් ඒක sad ending එකක් කියලා මම ඔයාලගෙ හිත් කඩන්නෙත් නෑ, ඒත් happy ending කියලා ඔයාලට බලාපොරොත්තු දෙන්නෙත් නෑ.
කතාව ඉස්සරහට යද්දි අපි ඒක ගැන බලමු.

එහෙනම් අපි කතාවෙ චරිත ටික අඳුනගමු.👇

01》Kim Nam Joon 》🐨

01》Kim Nam Joon 》🐨

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ADRIFTWhere stories live. Discover now