Chapter : 09

120 26 382
                                    

(5 months later)

Yun Myun's pov.


"යාහ් වෙන්ඩ ප්‍රසිඩන්ට්..!"

කොලේජ් එකේ කොරිඩෝ එක දිගේ එහාටයි මෙහාටයි ඇවිද ඇවිද ලොකු කල්පනාවක හිටිය මම ගැස්සිලා බැලුවේ ගැඹුරු කටහඬක සද්දෙට. ඇහුණ ගමන්ම මට ඔය නම කිය කිය යන ඒ බූරුවා මොකාද කියල මම දැනගත්තා. සද්දෙ ඇහුණ පැත්ත බලපු මම දැක්කෙ මං දිහාට දුවගෙන එන Taeව.

❄️"මම කොච්චර කියල තියනදව වලහො ඔය නම කිය කිය කොලේජ් එක වටේ යන්නෙපා කියලා..?"

🐯"මොනව වුණත් ඉතින් ඒක බොරු නෙවෙයිනෙ..? හැමෝම දන්නව සීනියර් බයෝ සයන්ස් ක්ලබ් එකේ වෙන්ඩ ප්‍රසිඩන්ට් ඔයා කියල..."

❄️"ඒ වුණාට මම ඒකට කැමති නෑ කියල දන්නවනෙ..? මාව යෝජනා කළොත් මම බැහැ කියන්න ඉන්නෙ... ඒක නෙවෙයි දැන් මොකද බෙරිහන් දුන්නෙ..? අහස පෙරලෙනවද..?"

🐯"නෑ... අනවුන්ස්මන්ට් එකක් ආවා මම මේ ඒක දෙන්න යුනිට් එකට යන ගමන්..."

❄️"දැන් මමත් එන්න ඕනිද..?"

🐯"නෑ අවුලක් නෑ ඔයා සයන්ස් සෙක්ෂන් එකේ බයෝ ලැබ් වන් එකට යන්න... ඔයාලගෙ ක්ලබ් එකේ තමා අනවුන්ස්මන්ට් එක, ඔයාලට රැස්වීමක්..."

❄️"හරි එහෙනම්, මම ගියා..."

ලැබ් එකට යන මගදි Tae අනවුන්ස්මන්ට් එක දෙනව මට ඇහුණා.
"ජ්‍යේෂ්ට ජීව විද්‍යා සංගමයේ සියලුම කමිටු සාමාජික සාමාජිකාවන් විශේෂ රැස්වීමක් සඳහා දැන් අංක එක ජීව විද්‍යාගාරය වෙත රැස්වන්න..."

කොලේජ් එක වටේම කෙල්ලො පිස්සු වට්ටන ඒ හස්කි වොයිස් එක. කොල්ලා අනවුන්ස්මන්ට් එක දෙන්න පටන් ගනිද්දිම මට බකස් ගාලා හිනා ගියේ කොල්ලා හින්දම මීඩියා යුනිට් එකේ මෙම්බර්ෂිප් ගන්න එන කෙල්ලො මතක් වෙලා.
මම ලැබ් එකට යනකොටත් අනික් අය ලැබ් එකට එන ගමන්. මම එයාලා එක්කම ලැබ් එකට ගියා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

❄️"Youngmi..! Youngmi ඉන්න..."

ලයිබ්‍රරි එක පැත්තෙ ඉඳන් එන Youngmiව මම දැක්කෙ බයෝ ලැබ් එකෙන් එලියට එනකොටමයි. හැමදාම වගේ අද හවසටත් කැෆේ එකට යන්න තිබුණත් මට අද ඒක මගඅරින්න ඕනි වුණා. ඇත්තටම මට කැෆේ එකෙන් අයින් වෙන්නම ඕනි වුණා. කැෆේ එකෙන් විතරක් නෙවෙයි, තව ටික දවසකින් මට කොලේජ් එකෙන් වගේම හැමෝගෙම ජීවිත වලිනුත් ඈතට යන්න වෙයි කියල මම දැනන් හිටියා. ඒත් අද දවසට Youngmiටයි අනික් අයටයි කියන්න බොරුවක් ඕනි වුණ නිසා දවසම කල්පනා කරලත් මගෙ ඔලුවට කිසිම අදහසක් ආවෙ නෑ.

ADRIFTWhere stories live. Discover now