Chapter : 06

131 27 289
                                    

~I Love Dreaming, Cuz In Dreams You Are Actually Mine~


Author pov


මුළු රෑ පුරාම හයියෙන්ම වැස්ස නිසා Yunmyunට හොඳටම නින්ද ගිහින් තිබුණා.
පහුවදා උදේ කෙල්ලට ඇහැරුණේ ගෙදර බෙල් එක වදින සද්දෙට. වෙලාව බලපුවම තමා කෙල්ලට තේරුණේ කෙල්ල ඊයෙ දවසම නිදාගෙන නේද කියලා.
ඉක්මනට ඇඳෙන් බැහැලා කෙල්ල පහලට දුවගෙන ආවෙ උදේ 8.30ට කවුද ගෙදර බෙල් එක ගහන්නෙ කියලා බලන්න.

කෙල්ල දොර ඇරියේ තනිකරම පිස්සියක් වගේ. කොණ්ඩෙ අවුල් වෙලා ඊයෙ කැෆේ එකට යන්න ඇදපු ඇඳුම පිටින්ම. Youngmiහරි ඒ අයගෙන් කෙනෙක්වහරි බලාපොරොත්තුවෙන් දොර ඇරපු කෙල්ල දොරකඩ හිටගෙන ඉන්නවා දැක්කෙ කෙල්ල මේ වෙලාවෙ කීයටවත්ම බලාපොරොත්තු නොවුණ කෙනෙක්.
ඒ කෙනා අංශක අනූවටම නැවිලා කෙල්ලට ආචාර කරද්දි තමයි ඊයෙ දවසෙ වුණ දේවල් එකින් එක ආයෙම කෙල්ලට මතක් වුණේ.

❄️"ඩ්‍රයිව අජුශ්ශි..?  (අන්කල්) ඒත් ඔයා මේ වෙලාවෙ ඇයි..? ඔම්මා කිව්වෙ 10.30ට කියලනේ..?"

(අජුශ්ශි = 👨)

👨"මැඩම් කලින් යන්න කිව්වා චූටි බේබි..."

❄️"ඒත් මම තාම ලෑස්තිවුණෙත් නැහැ නේ..?"

👨"චූටි බේබි ඉක්මනට ලෑස්තිවෙලා එන්න මම ඉන්නම්..."

❄️"හරි මම ඉක්මනට එන්නම් ඉන්න... ඒක නෙවෙයි අජුශ්ශි කාලද ඉන්නෙ..? මම මොනවාහරි ගේන්නද..?"

👨"අ-අනේ බේබි එහෙම කරන්න ඕනි නෑ මම බේබිව එක්කන් ගියාට පස්සෙම කන්නම්..."

❄️"එහෙමයි කියලා ඔයා හදන්නෙ ගෙදර යනකම්ම බඩගින්නෙ ඉන්නද..? එහෙම හරියන්නෙ නෑ එන්න එන්න මම තේ එකක් හදන්නම්..."

Yun Myun's pov

ඩ්‍රයිව අජුශ්ශි බලෙන්ම මොනවාහරි කන්න කැමති කරවගත්ත මම අන්කල්ව ඇතුළට එක්කන් ආවා.

👨"අනේ බේබි මෙහෙම කරන්න ඕනි නෑ මෙව්වා මැඩම් හරි ලොකු මහත්තයා හරි-"

❄️"ඔම්මා දැනගන්නෙ අජුශ්ශි කිව්වොත්නෙ ඉතින්... මෙතනින් වාඩිවෙලා ඉන්නකෝ..."

ADRIFTWhere stories live. Discover now