Chapter : 03

152 33 135
                                    

(13 years ago)


❄️"Hyunse unnieeee..! අනේ sorry මම පරක්කු වුණා..."

Yun Myun එහෙම කියාගෙන දුවගෙන ආවෙ cafe එකේ 2.30 ෂිෆ්ට් එකට.
එදා දවස ඉරිදා නිසා කලින් ෂිෆ්ට් එක තිබුණත් කෙල්ල cafe එකට එන්න පැය බාගයක් විතර පරක්කුයි.

🌸"ඒකට කමක් නෑ ළමයෝ.., ලොකු වැඩක් ආවෙ නෑ... හැබැයි ඉතින් ඔයාගෙ වෙලාවට තමයි අයිතිකාරයා හිටියේ නැත්තෙ... දන්නවනෙ ඉතින් අහු වුණා නම් කන පිරෙනකම් අහගන්න පුළුවන් කියලා..."

❄️"දැක්කනේ මගේ වෙලාව හොඳයි... ඒත් ඇයි අද Jiah unnie පේන්න නැත්තෙ..? එයත් පරක්කුද..?"

🌸"දන්නෙ නැද්ද එයා ගැන..? නිවාඩුවක් අරන් අද ඔන්න ඔහෙ කොහෙද මන්දා යනවා කියලා ගියා... ඇයි ඔයාට කිව්වෙ නැද්ද..?"

❄️"අමතක වෙන්න ඇති... ඒක නෙවෙයි කාත් එක්කද ගියේ..? Jin oppa එක්කද..?"

🌸"නැතුව ඉතින් වෙන කාත් එක්කද..?"

ඒකට නම් දෙන්නටම හිනා.
Hyunse කියන්නෙ Yun Myun සහ Jiah එක්ක cafe එකේ වැඩ කරපු අනික් කෙනා.
එයත් Jiahගෙ වයසම වුණාට ගියේ වෙන college එකකට.
සතියෙ දවස් වලට තුන්දෙනාම part time වැඩ කළත් සෙනසුරාදා ඉරිදා Hyunse, full time වැඩ කළා.
ඒත් Yun Myun, Jiah දෙන්නා දිගටම වැඩ කළේ part time.
දෙන්නම කතා කර කර හිටපු මාතෘකාවෙන් එළියට ආවෙ cafe එකේ දොර ඇරෙනකොට වැදෙන සීනුවේ සද්දෙට.

❄️"මම යන්නම් unnie..."

🌸"හරි..."
ඒප්‍රන් එක ඇඳගෙන note book එකත් අතට ගත්ත කෙල්ල ගියේ cafe එකට ආව කෙනා ගාවට.

❄️"Good evening සර්... මොනවද order කරන්නේ..?"

👨"Black coffee medium එකක්..."

❄️"හරි සර් විනාඩි දහයක් දෙන්න..."

Order එක ගත්ත කෙල්ල ඉක්මනටම ආයෙමත් කැෂියර් එකට ගිහින් Hyunseට ඕඩර් එක දුන්නා.
තවත් ටික වෙලාවකින් ආයෙමත් ඕඩර් එක ආපු කෙනාට දීපු Yun Myun, Hyunse එක්ක කතාවට වැටුණා.

ඒත් එක්කම cafe එකේ දොර ඇරගෙන මහා සේනාවක් වගේ කට්ටියක් ඇතුළට ආවා. සේනාවක් කිව්වට ඉතින් එතන හිටියේ කොල්ලො හය දෙනෙක්.
හැබැයි මුලු cafe එකම අනික් පැත්ත පෙරලන්න ඒ හය දෙනා හොඳටම ඇති කියලා cafe එකේ හිටපු කෙල්ලො දෙන්නම හොඳටම දැනන් හිටියා.
කට්ටිය ඇතුළට එද්දිම කෙල්ලො දෙන්නා කටවලුත් ඇරගෙන බලන් හිටියේ ඊළඟට මෙතන වෙන්න යන නස්පැත්තියෙ මොකක් වෙන්න පුළුවන්ද කියලා හිතන ගමන්.

ADRIFTWhere stories live. Discover now