Chapter : 01

247 31 189
                                    

💚"Yu-Yun Myun අනේ නැගිටින්නකෝ... ඇස් ඇරලා මන් දිහා බලන්න..."

හොස්පිට්ල් එකේ ඇඳක් උඩට වෙලා සන්සුන්ව වැතිරිලා ඉන්න තමන්ගෙ හොඳම යාළුවා දිහා බලාගෙන අද දවසෙ 100 වතාවට විතරත් Young Mi කිව්වා.
ඇස්වලින් නොනවත්වාම වැටෙන කඳුලු නවත්තගන්න කෙල්ලට ඕනි වුණේ නෑ.
කෙල්ලට ඕනි වුණේ හිතේ තියන දුක අඬලම හරි පිටකරන්න.
ඒත් මොන දේ කළත් කෙල්ල දන්නවා මාස ගානක් තමන්ගෙ යාළුවා මේ විදියට විඳවනවා බලන් හිටපු දුක තමන්ට නැතිකරගන්න බැහැ කියලා.

තමන් වටේට මොන දේ වුණත් Yun Myunට නම් නැගිටින්න අදහසක් තිබුණෙම නෑ.
කෙල්ල හිටියේ සිහිය නැතිවෙලා දුර්වලව. සුදුමැලි වෙලා කෙට්ටු වෙලා ගිය ඇඟේ තියෙන්නෙ හමයි ඇටකටු ටිකයි විතරක් වගේ පෙනුනට ලේ ගන්න, සේලයින් දෙන්න, මැෂින් හයි කරන්න ගහපු කටු වලටම කෙල්ලගෙ අත් දෙකම ඉදිමිලා.
නොදන්න කෙනෙක් කෙල්ලව දැක්කනම් හිතන්නෙම ඒ මල මිනියක් කියලා.
ජීවිතේ හැම දේකින්ම තැලිලා පොඩිවෙලා හිටිය කෙල්ලට දැන් ඕනි වුණේ විවේකයක්, සුව පහසු නින්දක්.

ඔව්, Yun Myunට දැන් විවේක ගන්න කාලෙ හරි.

කෙල්ලව පරීක්ශා කරපු හැම ඩොක්ට කෙනෙක්ම කිව්වේ ඔය කතාව.
ඒත් කෙල්ල ළඟින්ම හිටිය කට්ටියකට ඒ දේ පිළිගන්න අමාරු වුණා.
කෙල්ලට පණ වගේ ආදරේ කරපු, සහෝදරයො වගේ එකට හිටපු ඒ හැමෝටම ඕනි වුණේ කෙල්ලව ජීවත් කරවන්න.
ඒත් හැමදෙයක් ගැනම බලාපොරොත්තු තියාගන්න එයාලට තිබුණේ 5%ක අවස්තාවක් විතරයි.

🐯"ඔයාලා දැන් එලියට යන්න, මෙතන වැඩිවෙලාවක් ඉන්න දෙන්න බැහැ ඒක Yun Myunට බලපාන්න පුළුවන්..."

Taehyung එහෙම කිව්වත් කෙල්ලගෙ ඇඳ ගාවින් එහාට යන්න එතන හිටපු හතරදෙනාගෙන් එක්කෙනෙක්ටවත් ඕනි වුණේ නෑ.
ඒත් අකමැත්තෙන් වුණත් Yun Myun ගැන හිතලා එතනින් යන්න හතරදෙනාට සිද්ධ වුණා.

🐣"Tae දැන් එයාගෙ තත්වෙ කොහොමද..?"

ICU එකෙන් එලියට එන ගමන් Jimin, Taehyungව අනික් අයගෙන් එහාට අරන් ගිහින් කතා කළා.

🐯"එයා ටර්මිනල් වෙනවා..."
Taehyung කිව්වෙ තමන් අතේ තියන රිපෝට්ස් ටික Jiminට දෙන ගමන්.

ADRIFTOnde histórias criam vida. Descubra agora