Chapter : 07

122 29 332
                                    

~That moment when you have to beg youraelf to stop cyring and tell yourself, "Be Strong..."~

"ලෑස්තිවෙන්න..? මොකටද..?"

🍁"ඔයාගෙ වෙඩින් එකට..."

❄️"මොකක්..? ඔම්මා මොනවද මේ කියන්නෙ..?"

🍁"අහන්න Yumi, ඔයා මේක කරන්න ඕනි අපි හැමෝම වෙනුවෙන්..."

❄️"ඔම්මා මොකක්ද මේ..? ඇයි..? මේකටද මට එන්න කිව්වෙ..?"
මම ඇහුවෙ වාඩිවෙලා හිටිය තැනින් නැගිටින ගමන්.

🍁"ඔව්, මේකට තමයි..."

❄️"ඒත් ඔම්මා මොකක්ද හේතුව..?"

🍁"මේ සැරේ අපේ බිස්නස් පාඩුයි Yumi, ශෙයාස් වලිනුත් ලොකු ගානක් Mr. Choi අරන් තියෙන්නෙ... එයා මෙතනින් විතරක් නතර වෙන එකක් නෑ... මේ විදිහට දිගටම ගියොත් අපි පාරට වැටෙනවා නිකන්ම... ඒ නිසයි ඔයාට මේක කරන්න කියන්නෙ, ඔයා Mr. Choiගෙ පුතාව මැරි කරන්න ඕනි..."

මේ මගේ ඔම්ම මද කියලා මට හිතා ගන්න බැරි වුණා. මගේ ඇස් වල කඳුලු පිරිලා හැමදේම බොඳ වෙද්දි මම පුළුවන් තරම් උත්සාහ කරලා ඒ කඳුලු එළියට එන එක නතර කරගත්තා.
එහෙනම් එයාලා එයාලගෙ දුවවත් දකින්නෙ බිස්නස් එකක් විදියටද?

❄️"බැහැ ඔම්මා... මට මේක කරන්න බැහැ... මට තාම 17යි මම තාම කොලේජ් යනවා..."

🍁"අහනවා Yumi... කොලේජ් යන එක නවත්තනවා... මැරි කළාට පස්සෙ තමුසෙට එහෙට වෙලා රැජිනක් වගේ ඉන්න පුළුවන්..."

❄️"මට ඕනි නැහැ ඔම්මා... මට හීන තියනවා... ඒ හීනවලට යනකම් ඉගෙනීම නතර කරන්න මට බැහැ... ඔම්මා දන්නවනේ මට ඕනි-"

🍁"Yumi මම කියන දේ අහනවා..!"

❄️"ඔම්මා චේබල් මට බල කරන්නෙපා... චේබල් මම වැඳලා ඉල්ලන්නම්... ඇයි මටම මෙහෙම කරන්නෙ ඔයාලා..?"

🍁"ඇයි ඒ සැරේ තමුන්ට ඕනි Soyunව මේකට අල්ලලා දෙන්නද..? එහෙම කරන්න බැහැ, තමුන් දන්නවනේ එයාට මේ අවුරුද්දෙ ෆයිනල් එක්සෑම් තියනවා කියලා..? අනික එයා මේකට කැමති නැහැ..."

❄️"ඔම්මා... චේබල්... උන්නිට වගේම මටත් ඕනි ඉගෙනගන්න... අනික උන්නි වගේම මමත් මේකට කැමති නැහැ... එහෙනම් ඇයි තවත්-"

ADRIFTWhere stories live. Discover now