Chapter : 05

114 26 128
                                    

Author's pov.



"Namjoon oppa... Na-Nam. Joon..."

🐣"Yumi..?"

❄️"Namjoon ඔප්පා..."

🐣"Yumi..? Yumi ඔයා හොඳින්ද..? Yumi..?"

❄️"ආහ්..?"

එකපාරටම නින්දෙන් ඇස් ඇරපු කෙල්ල දැක්කෙ තමං ගාවින් වාඩිවෙලා ඉන්න Jiminව.

🐣"නින්ද ගියාද..?"

❄️"මං හිතන්නෙ... මට. නින්ද ගිහින්..."

🐣"මම කෝපි එක හදන් එන ටිකට හීනත් බැලුවද..?"

❄️"අහ්... මේ..."

🐣"මෙන්න ඔයාගෙ කෝපි එක..."
Jimin, Yun Myun අතට කෝපි කෝප්පෙ දෙන ගමන් කිව්වා.

❄️"කුමාවෝ..."

🐣"Namjoom හියුන්ගෙ නම කියවන්න තරම් මොනවද දැක්කෙ..?"

❄️"ආහ්..? අ-ආ මේ... විශේෂ දෙයක් නෙවෙයි..."

Jimin ඉස්සරහා ඒක විශේෂ දෙයක් නෙවෙයි කිව්වට කෙල්ලට ඒක විශේෂ දෙයක් තමයි.
ඒ හීනෙ, අවුරුදු එකහමාරකට කලින් අහලා විතරක් තිබුණු ඒත් කවදාවත් දැකලා නොතිබුණු ඒ කෙනාව ඉස්සෙල්ලම දැකපු දවස.
එදා Namjoon ඒ විදියට කෙල්ලව නැවැත්තුවේ නැත්නම් ලොකු අනතුරක් වුණත් වෙන්න තිබුණා. සමහර විට එදා කෙල්ල මැරෙන්න වුණත් තිබුණා.

ඒත් කලින් ස්තූති කළාට පස්සෙ දවසක තමන් ඒ විදියට නොමැරී බේරුණාට, Namjoon තමන්ව බේරගත්තට කෙල්ලට පසුතැවෙන්න වෙයි කියලා Yun Myun හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

🐣"Yumi..?"
එකපාරටම Jimin කතා කළා.

🐣"කලින් මම අහපු දේට සමාවෙන්න... ඒක මම අහන්නැතුව ඉන්නයි තිබුණේ..."

❄️"ඒක අමතක කරන්න Jimin... ඒකට කමක් නැහැ..."

🐣"ඉතින් ඔයා ආයෙම ගෙදර යන්නෙ නැද්ද..?"

❄️"ඔයා දන්නවනේ මම කැමති නැහැ කියලා..."

🐣"යනව නම් එහෙම මමත් එන්නද..?"

❄️"අපේ ගෙදර යන්නද..?"

🐣"හ්ම්..."

ADRIFTUnde poveștirile trăiesc. Descoperă acum