Chapter : 08

101 26 192
                                    

~When You Don't Know The Reason Why You Loving Someone, You Realize That You Truly Love That Person~

Jin's pov.

Joon ගියාට පස්සෙත් මම ආයෙම බැලුවේ Yumi දිහා. Joon ගිහින් දැන් විනාඩි පහක් විතර වුණත් කකුලත් පුටුවක් උඩ තියාගෙන වාඩිවෙලා හිටිය කෙල්ල තාමත් Joon ඉන්නකොට රතු වුණා වගේම හොඳටම රතුවෙලා. මම වටේ හිටපු කට්ටියවත් ටිකක් එහාට යවලා Yumi ගාවට ගියා.

🌙"ප්‍රින්සස්..?"

❄️"ඔව් ඔප්පා..?"

🌙"ඇත්තටම මොකක් වෙලාද තුවාල වුණේ..?"

❄️"අම්... ඇත්තටම ඔප්පා මම ගෙදරදි ගාඩ්න් එකේ ලිස්සලා වැටුණා..."

🌙"ලිස්සලා වැටුණම කකුල කැපුණෙ කොහොමද..?"

❄️"ආහ්... මේ... ඔ-ඔප්පා... එතන වීදුරු කට්ටක් තිබිලා... කැපුණේ..."

🌙"හ්ම්... කමක් නෑ Joonie ආවම අපි බෙහෙත් දාලා ගෙදර යමු හොඳද..?"

ලස්සන හිනාවක් මූණෙ පුරවගෙන Yumi පොඩි ළමයෙක් වගේ ඔලුව වැනුවා. Yumiට ජූස් එකක් ගෙනත් දෙන්න කියලා Jiahට කියපු මම කැෂිය එක ළඟට ගියේ ඒකට සල්ලි ගෙවන්න. එතකොටම වගේ Taeත් එක්ක Namjoon ආයෙම ආවෙ ෆස්ට් ඒඩ් බොක්ස් එකත් එක්ක.

🌙"යාහ් Namjoon-ah... මෙච්චර ඉක්මනටම ගිහිනුත් ආවද..?"

🐨"ඔව් ඉතින් එහාපැත්තෙ ලේන් එකේනෙ මං ඉන්නෙ අමතක වුණාද..?"

🌙"ඒකත් හරි... හා හා දැන් ආව වැඩේ කරලා ඉමුකෝ ඉක්මනට..."

Namjoonව Yumi ගාවට යවලා ජූස් එකේ සල්ලිත් ගෙවපු මමත් ආයෙම Yumi ගාවට ගියා. කැෆේ එකේ තව දෙතුන් දෙනක් හිටපු නිසා Youngmiයි Taeයි බෙහෙත් දාන්න Yumiව කිචන් එකට එක්කන් ගිහින් තිබුණා. මම ඉක්මනට කිචන් එකට ගියා.

කිචන් එකේ තිබ්බ පොඩි ටේබල් එක ගාව පුටුවක Yumiව වාඩි කරවලා Joon එයා ගාව දණගහගෙන තුවාලෙට බෙහෙත් දානවා.

🐨"Yumi-ah දඟලන්න එපා මම ඉක්මනටම මේක ඉවර කරන්නම් හරිද..?"

පුළුන් කෑල්ලකට සජිකල් දාන ගමන් Namjoon කියද්දි Yumi කළේ ඔලුව හොලවපු එක විතරයි. කොල්ලා තුවාලෙ පිහදාද්දි නම් Yumiට රිදෙන්න ඇති කෙල්ලට හයියෙන්ම කෙඳිරි ගෑවුණා. ඒත් Joon කියපු විදියටම පුළුවන් තරම් දඟලන්නැතුව ඉන්න කෙල්ල ට්‍රයි කළා.
ඒත්..
නෑ, මොන විකාරයක්ද ඒ? මට පිස්සුද කොහෙද.. ඒක අමතක කරලා දානවා Kim Seok Jin...
තුවාලෙට බෙහෙත් දාලා ඉවර වෙද්දිම මම Yumi ගාවට ගියා.

ADRIFTWhere stories live. Discover now