Chapter : 04

145 26 143
                                    

Yun Myun's pov.



කැෆේ එකේ ශිෆ්ට් එක ඉවර වුණේ 8.30ට.

ශොප් එක වැහුව ගමන්ම අද මම ගෙදර එන්න පිටත් වුණා.
වෙනදටනම් Hyunse උන්නි එක්ක ටික වෙලාවක් හරි කතා කර කර ඉඳලා එන මම අද එයාට සමු දීපු ගමන්ම වචනයක්වත් නොකියා ගෙදර ආවා.

ඒත් ගෙදරට යන්න ඉස්සරහට තිබ්බ අඩියක් අඩියක් ගානෙ මගේ හිත ගියෙම ආපස්සට. අද කැෆේ එකෙදි වුණ දේට.
කොච්චර ඕනි වුණත් මට මාව පාලනය කරගන්න බැරි වුණා. මගෙ හිත, වචන, හැඟීම්, කඳුලු, මේ කිසිම දෙයක් මට පාලනය කරගන්න බැරි වුණා.

"මම කොච්චර මෝඩයිද..? හැමෝම ඉස්සරහා මම හැසිරුණු විදියද ඒ..?"

මං මටම බැනගත්තේ පාර අයිනේ තිබ්බ ගල් කැටේකට පයින් ගහන ගමන්.
ඒත් එක්කම මට දැනුනේ මගේ ෆෝන් එක රින්ග් වෙනවා. ඉක්මනට හූඩි එකේ සාක්කුවට අතදාලා ෆෝන් එක ගත්ත මම බැලුවේ කවුද කෝල් කරන්නෙ කියලා. කෝල් එක Jiah උන්නිගෙන්. මම කෝල් එක ආන්ස්ව කළේ නොකර බැරි කමට.

"හලෝ උන්නි..? ඔයා ගෙදර ගියාද..? කොහොමද අද දවස..?"

🌟"ඒක පැත්තකට දාන්න Yumi... මට කියන්න, ඔයා හොඳින්ද..? අද කැෆේ එකේ මොකද වුණේ..? Kookieත් මට කතා කළා, Seත් දැන් ටිකකට කලින් කතා කළා... ඔයා එයා එක්ක කතා කරන්නෙවත් නැතුව ඇවිත් තියෙන්නේ..."

Jiah උන්නි එක දිගටම කියවගෙන යද්දි මට තරහා නොගියාමත් නෙවෙයි. ඒත් මට පුළුවන් තරම් මගේ තරහා පාලනය කරගත්තා.

"උන්නි මම හොඳින්... මට ප්‍රශ්නයක් නෑ..."

🌟"ඒත් Yumi-"

මම මොකුතම නොකියා කෝල් එක කට් කළා. කොහොමත් මට උන්නිට කියන්න දෙයක් තිබුණෙත් නෑ.
මම ආයෙම ගෙදර යන්න පිටත් වුණා. ඒත් මගේ හිත කලින් වගේම ආපස්සට ගියා.
අවුරුදු එකහමාරක් පිටිපස්සට. හැමදේම පටන් ගත්ත තැනට.
.

.

.

(Flashback)

.

.

.

🌙"හැමෝම අහන්න ළමයී..! ඔයාලට කියන්න දෙයක් තියනවා..!"

ADRIFTWhere stories live. Discover now