Chapter : 11

145 27 284
                                    

Youngmi's pov.

අද Yumiගෙ බර්ත්ඩේ එක. ඒත් මොකක්ද මේ සිද්ද වෙන්න යන්නෙ? එහෙනම් මේ නිසා තමයි එයා ගියේ. අපි කාටවත්ම නොකියා, හොරෙන්ම. එයා දැනන් හිටියා මේක අපි දැනගත්තනම් එයාට යන්න නොදෙන බව. ඒත් එයා නිකමට හරි මේ දේ කිව්වනම් අපිට එකට විසඳුමක් හොයාගන්න තිබුණා නේද? හැමෝටම හොරෙන් මෙහෙම යන එකද කරන්න තිබුණ එකම දේ?

කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ වාඩිවෙලා මම කල්පනා කළේ ඇස්වලට කඳුලු පුරවගන්නැතුව ඉන්න පුළුවන් තරම් උත්සහ කරන ගමන්. මට එහාපැත්තෙ හිටිය උන්නිටවත් කාර් එක drive කරපු Jin ඔප්පටවත්, අපිත් එක්ක ගිය Kookieටවත් කිසිම දෙයක් කතා කරන්න උවමනාවක් තිබුණෙ නැහැ. බුසාන් වලට යනකන්ම අපි අතරෙ තිබුණෙ බය හිතෙන නිහැඬියාවක්.

Jimin, Tae දෙන්නා ගියේ වෙනම. Jiminගෙ අප්පගෙ කාර් එක එයා ඉල්ලගෙන තිබුණා බුසාන් යන්න. අපි එක්ක එකතු නොවුණ දෙන්නා Hyunse උන්නි වගේම සුපුරුදු විදිහටම අපිව මගාරින, Yumiව මගාරින Namjoon ඔප්පා.

🌙"අපි කෙලින්ම චර්ච් එකට යනවද ගෙදරට යනවද..?"

සෝල් වලින් පිටත් වුණාටම පස්සෙ අපි අතරෙ තිබුණ නිහඬ බව Jin ඔප්පා කැඩුවා.

🌟"ගෙදරට..."

උන්නි කියෙව්වෙ හීනෙන් වගේ. ඒත් එයා හරි. මට ඕනි තැනක දිවුරලා කියන්න පුළුවන් මේ දේ සිද්ද වෙන්නෙ Yumiගෙ කැමැත්තෙන් නෙවෙයි කියලා. ඒ නිසා මේ දේ නවත්තන්න තාම වෙලාව තියනව. තාම වෙලාව තියෙද්දිත් අපි චර්ච් එකට වෙලා ඉන්නවා කියන්නෙ කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා කියන එක. ඒ අතින් ගෙදරට ගිහින් Yumi එක්ක කතා කරන එක හොඳයි.

අපි Yumiගෙ ගෙදරට යද්දි එහෙ ටිකක් බිසී, අපිත් එක්කම Jiminගෙ කාර් එකත් ආවා. අපි එහෙට යද්දිම අපි යද්දිම ඉස්සරහට ආව Yumiගෙ ගෙදර වැඩ කරන අජුම්මා මාවයි උන්නිවයි අඳුන ගත්තෙ අපි දෙන්න කලින් මෙහේ ඇවිත් තිබුණ නිසා. Jin ඔප්පා Kookie පහළ නතර වෙද්දි මමයි උන්නියි අජුම්මා එක්ක Yumiගේ රූම් එකට යන්න ගියේ අපිට එයාව හම්බවෙන්න ඕනි කියලා කිව්ව නිසා.

අපි Yumiගෙ රූම් එක තියන උඩ තට්ටුවට යද්දිම අපි දැක්කෙ Soyun, ඒ කියන්නෙ Yumiගෙ උන්නි රූම් එකකින් එළියට එනවා. ආපු වේගෙටම රූම් එකේ දොර මහ සද්දෙන් වහලා දාපු එයා අපි ගාවින් එක තත්පරේකට නතරවෙලා මගෙයි උන්නිගෙයි ඔලුවෙ ඉඳන් පහලට යනකන්ම බලලා කට කොනෙන් හිනා වෙලා යන්න ගියා.

ADRIFTWhere stories live. Discover now