• Part 8

1.6K 290 164
                                    

🐯 -: කු..කුකී මො..මොකද්ද ඔය කරන්න යන්නෙ ඕ..ඕක පැත්තකට දාන්න අනේ 😰

ටේ දිහා ටිකක් පුදුමෙන් බලපු ජන්කුක් පිහියත් අරගෙනම කබඩ් එක ගාවට ගිහින් ඒකෙ තිබුණ පෙට්ටියක් එලියට ගත්තා.

🐯 -: ඔ..ඔය මොකද්ද කුකී ??

ලොකු හිනාවකින් ටේට සංග්‍රහ කරපු ජන්කුක් පෙට්ටිය ඇරලා එයා හදපු strawberry cake එක එලියට අරන් ටේ ඉස්සරහින් හිට ගත්තා.

🐰 -: Happy Anniversary ටේ 😘

ටේගෙ ඇස් ආපහු කඳුලින් පිරුණෙ ජන්කුක්ගෙ ආදරේ දැකලා.

🐯 -: H..Happy Anniversary මගෙ පන 😭

ජන්කුක්ගෙ ඇසුත් කදුලු වලින් පිරුණෙ ටේ එයාට ගොඩ කාලෙකින් ආදරෙන් කතා කරපු නිසා. ඔය වචනෙ තමයි ජන්කුක් ගොඩ කාලෙක ඉදන් අහන්න ආසාවෙන් හිටියෙ.

🐯 -: ඇයි මැණික ඔයා අඬන්නෙ ??

🐰 -: අහ් මං අඩන්නෑ ටේ මට සතුටු හිතුනා ඔයා මට ගොඩ දවසකින් ආදරෙන් කතා කරාම ඒකයි

ටේට ඒ වචන දැණුනෙ හදවතට පිහි දාහකින් අනිනවා වගේ. එයාට මේ තරම් ආදරේ කරපු , එයාගෙ ආදරේ වෙනුවෙන් බලං ඉන්න ඒ අහින්සක හා පැටියට වචනෙකින්වත් රිද්දන්න හිත හදා ගත්තෙ කොහොමද ??

🐯 -: අනේ මට සමාවෙන්න මගෙ පැටියො මං..මං මහ තිරිසනෙක් මං කොහොමද මගෙ මැණිකට රිද්දුවෙ 😭

🐰 -: අයිගෝ ඔන්න ඉතින් ආයෙ අඩනවා ඔයා. අඩන්න එපා ටේ. කෝ එන්නකො දැන් අපි කේක් කපමු හාද ??

🐯 -: හා මැණික

ඊට පස්සෙ දෙන්නා එක්කම එකට කේක් එක කැපුවා. ටේ ජන්කුක්ටත් ජන්කුක් ටේටත් ආදරෙන් කේක් කැව්වා.

🐰 -: කියන්නකො ටේ කේක් එක රසද මං තනියමයි හැදුවෙ

ජන්කුක් ඇහුවත් ටේ මුකුත් කියන්නෙ නැතුව කදුලු පිරුණු ඇස් වලින් දිගටම එයා දිහා බලන් හිටියා.

🐰 -: රස නැද්ද ටේ ?? 🙁

ජන්කුක් ආපහු ඇහුවෙ තොල් පෙරලලා බෙල්ලත් ඇල කරගෙන. ටේ හිනා වෙලා ජන්කුක්ගෙ කම්මුලක් මිරිකුවෙ එයා ඒ තරමට cute නිසා.

Love is Blind [✔✔]Where stories live. Discover now