• Part 10

1.2K 286 42
                                    

Next Day -:

🐥 -: ආ මෙන්න.. මේක ඔයාට

උදේ පාන්දරම university ආපු ජිමින් ටේව හොයන් ගිහින් ජන්කුක් ලස්සනට පැක් කරලා දීපු Gucci bag එක තියන box එක ටේගෙ අතට දුන්නා.

🐯 -: මොකද්ද මේ ??

එහෙම කියලා ටේ ජිමින්ගෙ අතින් box එක අරගෙන ඒක unwrap කරන්න පටන් ගත්තා. ඒක ඇතුලෙ තිබුණ දේ දැකලා ටේ පොඩි එකෙක් වගේ සතුටින් උඩ පනින්න ගත්තෙ ඒක ජිමින් එයාට අර ගත්තා කියලා හිතලා

🐯 -: වාව් ජිමිනාහ්... මේක මගෙ favourite ම එකක් 😍

ටේ ගොඩක් සතුටින් බෑග් එක එහෙට මෙහෙට හරව හරව බලද්දි ජිමින් කලේ එයා දිහා කිසිම හැගීමක් නැතුව බලන් හිටපු එක.

🐯 -: Thank you so much ජිමිනාහ් 😘

🐥 -: මට thank කරන්න එපා. මම නෙවෙයි මේක ඔයාට ගත්තෙ

🐯 -: ඔයා නෙවෙයි ?? එහෙනං කවුද ??

🐥 -: ජන්කුක්

🐯 -: ජන්කුක් ?! 😳

🐥 -: ඔව් ජන්කුක්.. මට ලැජ්ජයි ටේ ඔයා ගැන. ඒ ලමයා ජීවත් වෙන්න විදින දුක දැන දැනත් ඔයා මෙච්චර ගනන් දෙයක් කොහොමද එයාගෙන් ඉල්ලුවෙ ??

එතකොට තමයි ටේට එදා එයා ජන්කුක්ගෙන් ඉල්ලපු දේ ගැන මතක් උනේ. ටේ ඒක විහිලුවට කියලා අමතක කරලා දැම්මත් ජන්කුක්ට ඒක මතක තිබිලා !!

🐥 -: ඔයා දන්නවද එයා සති තුනක් තිස්සෙ university ආවෙ නැත්තෙ ඇයි කියලා ??

🐯 -: ඇයි ?? 🙄

🐥 -: හහ්.. ඔව් ඉතින් ඔයා කොහොම දැන ගන්නද නේද. ඔයා ඔයාගෙ අර අලුත් යාලුවා එක්ක විනෝද වෙවී ඉද්දි ඒ ලමයා රෑ දවල් නැතුව නිදි මරාගෙන වැඩ කලා මේ කමකට නැති bag එකකට සල්ලි හොයන්න.

එයාගෙ මූණෙ තිබුණ හිනාව , එලිය ඒ හැමදේම දවසින් දවස නැති වෙලා යනවා මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කා ටේ.

ඔයා දන්නවද එයා ඉක්මනට සල්ලි හොයා ගන්න ඕනෙ කමට කෑම වේල් පවා මගෑරියා කියලා. එහෙම කරලා රුපියල රුපියල ගානෙ එයා එකතු කලේ අඩුම තරමෙ එයා එක්ක වචන දෙකක් වත් කතා නොකරන ඔයා වෙනුවෙන්.

Love is Blind [✔✔]Where stories live. Discover now