❤️ සිව්වන හාදකම ❤️

2.3K 394 72
                                    

❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවිලා හිදිමී....

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

"ආ දෙන්නා යනවා පෝලිමේ දෙකලවරට.."

දෙව්ෂාන් අයියා කිව්වේ මාව පෝලිම පටන් ගන්න තැනම දණගස්සවන ගමන්.. නිවාන් පෝලිමේ පිටිපස්සටම ගිහින් දණ ගහගත්තේ අයියලා දෙන්නා උන්ගෙ ක්ලාස් එක පැත්තට යනකොට ..

"ඈ බොල බණ්ඩෝ...

මං හෙමිහිට මං ගාවම දණගහන් හිටපු කොල්ලා දිහාට හැරුණා.. ඌ තමයි අපේ ක්ලාස් එකේ ඉන්න ගල් ඇම්ඩා..

"අපි ක්ලාස් එකෙන් යනකොටත් තොපි හොදට හිටියනේ.. මොකෝ උනේ..."

මං උගෙන් අහනකොට ඌ මට ඇස් කොණෙන් පෙන්නුවා අපේ ක්ලාස් රූම් එක ඇතුලේ ඉදන් අපි දිහා බලන් ඉන්න රූප සුන්දරීව.. රූප සුන්දරී කියන්නේ අපේ ස්කෝලෙට අලුතෙන්ම ස්වේච්ඡා ආව බයෝ ටීච.. පට්ටම ලස්සනයි... ඒත් වැඩක් නෑ.. පහළ තියෙන්න ඕන සේරොම නළලේ තියන් ඉන්න උද්දච්ච මොණරියක් මේකී.. ඒත් මට තේරුනේ නැත්තේ ඇයි මේ මොණර පැටික්කී අපේ කොල්ලෝ ටිකව දණ ගැස්සුවේ කියලා...

"මොකද්ද තොපි කලේ.."

"වැඩි දෙයක් නෑ බන්.. අද ෆිසික්ස් නැති හින්දා මේකිව එවලා තිබුනේ ක්ලාස් එකට.. අපේ උන් ඇහුවා බයෝ ටීච පාර වැරදිලා ද මෙහේ ආවේ කියලා..."

"සෑ... සෑ... සෑ.. ඒ හින්දද තොපිව දණ ගැස්සුවේ.."

මං ඇහුවේ සිරාවටම කම්පා වෙලා..

"නෑ උට්ටෝ... ඒත් මේකි ඒකට පරල වෙලා කෑ ගහන්න ගත්ත.. තමුසෙලා ලමයිද..? ගුරුවරයෙකුට සලකන්න දන්නෙ නැද්ද අරවද මේවද කැටයම් ගොඩයි.. කොල්ලො ටික කරේ විහිලුවක්ද කියලවත් හිතුවේ නෑ.. අපි සෙක්ෂන් හෙඩ් සශිකා මිස්ට පවා විහිලු කරනකොට, ටීචත් විහිලුවට විහිලුවක් කරලා පාඩුවේ ඉන්න එකේ මේ රණ මොණරිට වටින්නේ නෑනේ බන් අපිට එහෙම කෑ ගහන්න.."

"ඉතින්...ටොපි මොකක් හරි මී හරක් වැඩක් කලාද..."

"පිස්සුද යකෝ ඒම වැඩ කරනවද අපි.. උන් නැතත් මේ මන්..."

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now