❤️ විසිඑක්වන හාදකම ❤️

2.1K 350 120
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අප්පච්චී කොහොමද මගේ මැණිකට...??"

මං ඇහුවේ හරිසිහියට එනගමන්.. වෙද අප්පච්චිව දකිද්දී තිබුනු නිදිමත කොහෙන් ගියාද කියලා හොයන්න බැරි උනා...

"සුදූට ලේ දෙන්න වෙනවා.. ඔය දෙන්නගෙන් කෙනෙකුට පුළුවන්ද?.."

වෙද අප්පච්චි තාමත් කේන්තියෙන් වගේ.. එයා මාව ඉග්නෝර් කරලා යෙවිෂ්ගෙන් ප්‍රශ්නෙ ඇහුවත් අපි දෙන්නම උඩ පැනගෙන එයා ලගට ලං උනා.. ලේ නම් ඇති පදම් දෙන්න ඇහැකි.. කොටින්ම මුළු ඇගේම ලේ ටික ගත්තත් කමක් නෑ සුදූට සනීප වෙනවනම්.. ඒත් ප්‍රශ්නේ අපේ ලේ වෙනස් ..

*****************************************

Yewish's POV

සුදූට ලේ දෙන්න කියලා ඉස්සරහට පැනගෙන ආවට පස්සෙයි මට මතක් උනේ ඒක කරන්න අමාරු දෙයක් නෙවෙයි කරන්න බැරි වැඩක් කියලා... ඒ රිලා පැටියගේ බ්ලඩ් ගෲප් එක ඒබී  නෙගටිව්..  ඒක මෙලෝ රහක් නැති බ්ලඩ් ගෲප් එකක් උනත් හොයන්න හෙන අමාරුයි..

"අයියෝ වෙද අප්පච්චි..."

මට එකපාරටම කියවුනේ මේකට ලේ ගේන්න කොළඹ බ්ලඩ් බැන්ක් එකටම යන්න වෙයි කියලා හිතිලා..

"ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..."

වෙද අප්පච්චි අපි දිහ ඇහි බැමකුත් උස්සලා අහද්දී මායි ලොකුයි මූණෙන් මූණ බලාගත්තා..

"යුවීගෙ බ්ලඩ් ගෲප් එක ඒබී නෙගටිව්... අපි දෙන්නගෙ ලේයි සුදූගේ ලේයි මැච් වෙන්නෙ නෑනේ... "

මං කියද්දී ලොකුත් ඔලුව වනාගෙන වනාගෙන ගියා.. මට මතක් උනේ අවුරුදු පහකට විතර කලින් යුවීට බ්ලඩ් ඕනෙ උනාම මායි ලොකූයි එෆ් බී පෝස්ට් දාදා එයාට ලේ හොයපු හැටි.. වැඩේ හිතුවට වඩා අමාරුයි කියලා තේරිලා, වෙද අප්පච්චි ලොකූට රවනගමන්, ආයේ කාමරේ ඇතුලට ගියේ සදෙව්මි නංගිත් එක්ක.... මොකක් වෙන්න යනවද මන්දා... සැත්කම් කාමරේ දොර වැහෙද්දී, මායි ලොකූයි ආයෙම බංකුවට බරවුනේ තවත් යුවීට ලේ දෙන්න ඕනෙ නැද්ද කියලා හිත හිත..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now