❤️ දහ හතරවෙනි හාදකම ❤️

2.2K 354 66
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං ,
පේවිලා හිදිමි ...

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ආ ලාවියෝ ලොකූ.. 😘"

මං කිව්වේ ලොකූගේ බෙල්ල බදාගෙන ඒ කම්මුලක ලොකු උම්මියක් තියන ගමන්... උම්මිය දුන්නට මොකෝ ලොකූ නම් මං දිහා බැලුවේ මොන පිස්සෙක්ද යකෝ මේ ඉන්නෙ වගේ බැල්මක්..

"මොකක්..!!!"

"ආ ලාවියෝ ..."

"සුදූ ..හ්  මංඥ්ඥංද...??"

ලොකූ කට කොණකින් හිනාවෙවී ඇහුවේ මගේ යස්සය ඔලුවටම නගිනකොට..  නොදෝමකින් ඔටු ඉබ්බා.. මේකා සූටි මාව විහිලුවට අරන්නේ..

"ලොකූ මේහ්.. හොද හිතින් කියන්නේ... මං  ආ ලාවියෝ කිව්වම ඔයත් ඒකම කියන්න ඕන.. කියනවා ඉතින්.. "

හිතට ආපු කේන්තිය එක්ක මං අතේ තිබ්බ යෝධ ටෙඩියගෙන් ලොකූගේ ඔලුවටම ඇදලා ඇරියා... හැයි අප්පා .. දවස් ගාණක් හිතලා හිතලා මෙතන මගේ ඒකපාර්ශ්වික ආදරේ ගැන කන්ෆෙස් කරන්න ආවම, මේ මිනිහා ගොනා සේ හැසිරෙනවා..

"ඉතින් සුදූ මොකද්ද ඔය ආ ලාවියෝ කියන්නෙ ..."

ටෙඩී පාර සැරට වැදිලද මන්දා, ලොකූ ඔලුවත් අතගාන ගමන් මගෙන් ඇහුවේ ඒ පාර නම් මූඩ් සීරියස් කරගෙන.... මෝඩ ලොකූ.. හුම්ම් නමයෙ ඉදන් දහයට පාස් උනේ අත උස්සලද මන්ද.. වෙන ඒවට නම් තියනෝ දස පණ්ඩිතකම් .. ආ ලාවියෝ කියන එක තමා දන්නෙ නැත්තේ .. හුම්ම්..

"හුහ්.. ආ ලාවියෝ කියන්නේ,..
මේ  ...
මේ.. 
අයි ....
මේ..."

මුලින් ගැම්මට කියාගෙන ආවත් මම ආයෙම අතරමැද්දේ හිරවුනා.. ලොකූත් මගෙ මූණ දිහා කන්න වගේ බලන් ඉන්නවා.. අම්මපා මේ මිනියට තේරෙන්නෙ නෑනෙ ඕම බලන් ඉද්දි මගේ කටට වචන එනෙ නෑ කියලා.. සෙද්ද

"ඔව් ඉතින් අයි... ඉතුරු ටික..???"

ලොකූ අහන්නේ නිකටට අතකුත් තියාගෙන මගේ ඇස් දෙකටම එඹිලා.. ඒ ඇස් දිහා බලද්දි මගේ ඇගත් එක්ක පණ නැති වෙලා යනවා.. පුංචි කාලේ ඉදන් ගම් ගාලා අලෝලා වගේ ලගින්ම හිටපු ලොකූ ගැන මගේ හිතේ අමුතු හැගීමක් ඇතිවෙලා ගොඩාක් කල්.. මුලින් මුලින් මට ඒ කිසි දෙයක් තේරුම් ගන්න බැරි උනා..ඒත් දැන් මට තේරෙනව.. ලොකූ, වෙන කෙල්ලෙකුට කොල්ලෙකුට ටිකක් ලංවෙද්දී මගේ පපුවට දැනෙන තද රිදුම මට කියනව උබ ඌට ලව් බං කියලා.. ඔව් මං ලොකූට ලව්.. ඒත් කෝමද ඒක කියන්නේ..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now