❤️ විසිවෙනි හාදකම ❤️

2.1K 349 85
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ගොතිර ලමයා පන්සලට ආව නම් ආව රාජකාරිය විතරක් කරන්න.. පන්සලට එන අනිත් අයට කරදර කරන්න එපා..."

ලොකු හාමුදුරුවෝ ඒ ටික කියලා එතනින් අයින් වෙලා යද්දී ගොතිරත් ඒ පස්සෙන්ම ගියා.. රන්සිළුලගෙයි යෙවිස්ගෙයි මූණෙ තිබුනු පෙනුමට ඌට සු බර පත්තු වෙන්නැති.. පන්සලෙන් එලියට යනකම් සද්ද නැතුව ගිහින් මූ එකපාරටම බිමට නැවිලා සුදු වැලි අහුරක් අතට ගත්තා..

"මේ ගොතිර දේවනාථට හයිකාරකන් දාන්න ආපු තොපි එකෙක් නෑර බාවනවා දැනගන්.. හා පැටියා උබේ මට ගහපු කම්මුල් පාරට මං උබව මගේ ඇදට ගන්න එකත් ගන්නවා.. බලන් හිටහන් "

‍කොල්ලන්ගෙන් පුලුවන් තරම් ඈතට ගිහින් ගොතිරයා හෙණ චණ්ඩියා වගේ කෑ ගහලා වැලි අහුර කටට ලගට අරන් මතුරන්න පටන් ගන්නකොට මං හොදටම බය උනා... කියලද ඔයාලා හිතුවේහ්..  නෑහ් අනේ මං බය උනේ නෑ... මොකද ඌ වැලි අහුරට මතුරන්න පටන් ගන්නවත් එක්කම පිටිපස්සෙන් ආපු කෙනෙක් ඒකාගේ බෙල්ලෙන්ම අල්ල ගත්තා..

"ලොකූ...."

මං පුදුම සතුටකින් කෑ ගැහුවේ අත් දෙකත් උඩට උස්සලා.. මෝඩ ගොතිරට ඇඩෙන්න පොලිස් ගැටයක් දාන් ඉන්න ලොකූව දැක්කම මට ඇස් දෙකත් විශ්වාස නැතිතරම්.. ඇත්තටම හිතාගන්න බැහැ, නියම වෙලාවෙදි එයා මේම පන්සලට ආපු එක...

"ලොකූ... ලොකූ... ලොකූ... මගේ ලොකූ..... "

"අබූ බා..."👶

ලොකූව දැකලා නැවතිල්ලක් නැතුව එලියට පනින මගේ හැකර හිනාව එක්ක තව හුරතල් හිනාවක් ඇහෙද්දී මං බැලුවේ අපේ චූටියා දිහා.. හම්මෙ ඉතින් අප්පච්චිව දැකලා එයාගෙත් කට කනේ...

"අල්ලගනින් ඕකව.."

ඒ අල්ලපනල්ලේ යෙවිස් ලොකූට කෑ ගහලා කිව්වේ එයත් පන්සලෙන් එලියට දුවනගමන්.. මම දන්නවා, මම හොදටෝම දන්නවා ගොතිර කියන පාංතිරේ අද ඓතිහාසික කෑමක් කනවා, අම්මගෙන් බීපු කිරි මතක් වෙන්නම... හොදෑඩේ මල පෙරේතයා.. ආවා මෙතන මාව ඇදට ගන්න.. හිච්චි පගයා..
                 පකුලප්පු උන ඇතෙක් වාගේ යෙවිස් පාරේ තිබ්බ පොල්ලකුත් අහුලන් පාංකඩයා දිහාට පිඹගෙන යනකොට ගොතිර එකසිය ගාණට බය උනා... වැඩක් නෑ ඉතිම්.. දැම් පරක්කුයි.. හහ් හතර රියන් දේහදාරී කොල්ලො දෙන්නෙක් අයිතිවාසිකම් කියන සුරංගනා කොව්වෙක්ට අරවා මේවා කියන්න කලිම් දෙපාරක් හිතන්න තිබුනා ඒ ගොබිලට හුම්ම්..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now