❤️ දහනවවෙනි හාදකම ❤️

2K 353 154
                                    

❣️🖤
අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුබේ උතුම් දෙව් ආත්මයට මං,
පේවීලා හිදිමි..
❣️🖤

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

"ලොකූ..😭"

පුංචි පුතාව ඇද උඩ කොට්ට වලට මැදි කරලා මං ඇස් වලින් කදුළු බේරි බේරි පරිස්සමින් රෝද පුටුවට මාරු උනා.. එයා කෝමද ඒම ගියේ.. මං කෝමද එයා නැතුව ඉන්නෙ...🥺 මං රෝද පුටුව අතින් කරකවන් මහ ගෙදර පැත්තට ගියේ ලොකූ එහෙවත් ඉන්නවද බලන්න.. සමහරවිට තාම ගියෙ නැතුව ඇති.. ඒත් වෙද ගෙදර මිදුලෙ වෙනදා ලොකූ එයාගේ කාරෙක නවත්තන තැන අද තිබ්බෙ ඩිස්කවරි එකක්.. ඒක කාගෙද.. කවුද ආවෙ.. මං මහ ගෙදරට ගොඩවුනේ වෙද අප්පච්චි එක්ක කතා කර කර ඉන්න කෙනා දිහා බලාගෙන.. ලස්සනම ලස්සන කෙල්ලෙක් එක්ක ඒ ඇවිත් ඉන්නේ මගේ මෝඩ මිනිහා..😐

හහ්..  මං කිව්වෙ නැද්ද මේක තමයි ඒනම් වැඩේ .. මාව බලන්න එන්නෙත් නැතුව කෝල් එකක්වත් ගන්නෙ නැතුව ඉන්නැති මේ සක්කරවට්ටම එක්ක රවුම් ගහ ගහා.. මං හීමිට රෝද පුටුව කරකවාගෙන යෙවිස් ලගට යනගමන් එයා ලග ඉන්න කෙල්ල දිහා මූණ පුරෝලා ඔරවලා බැලුවා... හුම්ම්  ඉන්න හැටි සිරික්කිය දාන් මගේ මිනිහා ගාවට වෙලා..

"ආ.. යුවිත් පුතේ.. අද නැගිට්ට ගමන්ම අපිව බලන්න ආවද..."

එක පාරටම සුදු අම්මා තේ කෝප්ප ටිකකුත් ට්‍රේ එකක තියාගෙන එලියට ආවේ මට පොලොව පලං යන්න හිතෙනකොට.. ලොකූ නෑ කියන සිහියෙන් ආවා මිසක් මූණේ කබ ටික යන්න වතුර ටිකක්වත් ගාගෙන එන්න අමතක උනා... සැක් යෙවිස්ගේ අලුත් පිංගුත්තර නෝනහාමු ඉස්සර කිච වෙන්න උනානේ දෙයියනේ.. මං ආයෙ ඒ කෙල්ලට රැව්වෙ මේ ඔක්කොම ඒකිගේ වැරදි වලින් උනා වගෙ...

"දෝණි සදෙව්මි.. කෝ ඔතනින් නැගිටලා මේ මල්ලිට වාඩිවෙන්න දෙන්න.. "

සුදු අම්මා යෙවිස් ලග පුටුවෙ වාඩි වෙලා උන්න කෙල්ලට කියද්දි මාව උඩ විසික් උනා.. හුටා මේ වෙද අප්පච්චිගේ දුවද.. ජෙයියනේ ජෙයියනේ... තා පොඩ්ඩෙන් ඇදගෙන නානවා නේද හොදවයින් ටිංකිරි කෝප්පයක්.. මං මගේ මූණ තිබුන රැවිල්ල පටස් ගාල මල් මල් හිනාවකට හරව ගත්තා..  සදෙව්ම් අක්කා ඉගෙන ගන්නෙ කොළඹ මෙඩිකල් ෆැකලිටියේ කියලා එකපාරක් වෙද අප්පච්චි මට කිව්වා... අක්කා නිවාඩුවට ඇවිල්ලද කොහේද.. යෙවිස් එක්ක එකලග පුටුවල වාඩිවෙලා හිටපු හින්දා මං හිතුවේ යෙවිස්ගේ වෙන්ඩ නෝනා කියල.. ඌපස්..

❤️දෙමස්සිනෝ❤️ (අහස් මේඝය දෙවන දිගහැරුම)Where stories live. Discover now